ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    නිවාස 150 කින් යුතු ඒබ්‍රහම් සිංහෝ පුරම් ජනතා අයිතියට

    ජනවාරි 25, 2019

    ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් නුවරඑළිය, ඩයගම - බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්‍රහම් සිංහෝපුරම්” නව ගම්මානය පසුගිය දා ජනතා අයිතියට පත්කරන ලදි.

    රුපියල් මිලියන 170 ක් වැය කර මෙම නව ගම්මානය ඉදිකර ඇති අතර විදුලිය, ජලය, අභ්‍යන්තර මාර්ග සහ ළමා මධ්‍යස්ථානයක්ද ඊට ඇතුළත්ය‍.පර්චස් 7ක වර්ග අඩි 550ක මනරම් නිවසක් නිරවුල් ඔප්පු සහිතව නොමිලේ මෙලෙස ලබාදෙනු ලැබීය.

    මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් මැතිතුමා මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සිල්පෙක් අම්බෙයි මහතා, අමාත්‍යාංශ ලේකම් ඉන්ජිනේරු, අචාර්ය පී සුරේෂ් මහතා, නුවරඑළිය දිස්ත්‍රික්ක ලේකම් පුෂ්පකුමාර මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් මෙන්ම මධ්‍යම පළාත් සභා පළාත් සභා මන්ත්‍රීවරු, නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    වතුකරයේ දමිළ ජනතාව ඕනෑම මැතිවරණයතකට සූදානම් බව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා මෙහදී කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "ඊළඟ ජනාධිපතිවරණයේදී අපි සහයෝගය ලබාදෙන්නේ අපේ ජනතාවට සේවය කරන පුද්ගලයෙකුට පමණයි. වතු ජනතාව අවුරුදු 200 ක් තිස්සේ ලැයිම් කාමරවල දුක්විදිනවා. 2015 වසරේදී පත්වුණු ආණ්ඩුවට අපි සහයෝගය දක්වලා ඉල්ලීමක් කළා පර්චස් 07 ක ඉඩමක් එක්ක නිවසක් ඉදිවෙන්න ඕන කියලා. ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඒ ඉල්ලීමට සහයෝගය දක්වලා මේ ජනතාවට නිවාස ඉදිකරන්න මට බාර දුන්නා. ඒ වගකීම මම ඉටුකරමින් ඉන්නේ. ගයන්ත ඇමතිතුමා ඉඩම් ඇමති වුණාට පස්සේ ඔප්පු ලබා දෙන එක ඉක්මන් වුණා. ඔක්තෝබර් 26 වැනිදා දේශපාලන කුමන්ත්‍රණයේදී අපි හිටියේ නිවැරදි පැත්තේ, සල්ලිවලට අපි වතුකරයේ ජනතාව පාවලා දුන්නේ නෑ. එහෙම කරන වතුකරයේ දේශපාලඥයෝ හිටියා. දැන් අපි නතර වුණු සංවර්ධනය වේගවත්න සිදුකරගෙන යනවා. "

    අපේ ජනතාව තමවි දුක්විදිනම ජනතාව, මේ ජනතාවට රු 500 ක දෛනික වැටුපක් ලැබෙන්නේ, අද මේසන් බාස්ටත් 1500ට වඩා ලැබෙනවා. අද පිටකොටුවේ ඉදලා බම්බලපිටියට ත්‍රීවිල් එකක ගියත් රු 500 මදි. අපි කියන්නේ සධාරණ වැටුපක් වැඩිවිය යුතුයි. ආණ්ඩුවත් පාඩුවේ ඉන්නවා. ගිවිසුම අත්සන් කරන වෘත්තීය සමිතිත් කම්කරුවෝ පාවා දෙනවා. මම කියන්නේ මේ වතු කම්කරුවෝ හරියට හිතපු දවසට වතු සමාගම් වලට ගෙදර යන්න වෙනවා. අපි රු 1000.00 ක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ ජීවත් වෙන්න පුළුවන් වැටුපක්. වතු සමාගම් ආරක්ෂා වෙන්න ඕන. සමාගම් කඩා වැටුනොත් ලක්ෂ 02 ක් වන වතු කම්කරුවෝ මොකද කරන්නේ, මේ ගැන අවධානය යොමුකරලා ගිවිසුම් අත්සන් කරන වෘත්තීය සමිති වතු සමාගම් නිසි පියවරක් ගන්න ඕන. නැත්නම් අපි කියනවා ආණ්ඩුවට මේ වතු සමාගම් පවරා ගන්න කියලා. ඒ වගේම මේ වගේ ලස්සන නිවාස ඉදිකරන්න මට සහයෝගය දක්වන ඉන්දීය රජයටත් මම මේ අවස්ථාවේ විශේෂ ස්තූතිය පුදකර සිටිනවා.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා

    තිගාම්බරම් අමාත්‍යවරයා පර්චස් 07 ක ඉඩමක් සමඟ නිවසක් ලබා දෙන අවස්ථාවේදී මට ඒ සඳහා ඔප්පුවක් ලබා දීමට හැකිවීම ගැන සතුටට පත්වනවා. අපේ ජනාධිපතිතුමත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මේ ජනතාවට නිවාස ඉදිකරලා දීලා සැබෑ අයිතියක් ලබා දෙනවා. තිගාම්බරම් ඇමතිතුමා කියන්නේ අපේ අමාත්‍යමණ්ඩලයේ ඉන්න දක්ෂ වැඩට උපන් අමාත්‍යවරයෙක්. මේ හදලා තියෙන නිවාස දැක්කම අපිටත් හරිම සතුටුයි. දැන් මේ දරුවන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන්, ජනතාවට තමන්ගෙම නිවසේ ස්වයං රැකියාවක් ආරම්භ කරන්නත් පුළුවන්. ඒ තුළින් ඔවුන්ගේ ජීවින තත්ත්වය තවත් ඉහළ යාවි.

    විශේෂ ව්‍යාපෘති අමාත්‍ය   වී. රාධක්‍රිෂ්ණන් මහතා

    විශේෂ ව්‍යාපෘති අමාත්‍යරවයා විදියට මේ ජනතාවට වැඩකරන්න මම සුදානම්. අපේ දමිළ ප්‍රගතිශීලි සන්ධානය මේ වතුකරයේ ජනතාවට විශාල සේවයක් ඉටු කරනවා. තිගාම්බරම් අමාත්‍යවරයා තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට නිරවුල් ඔප්පුවක් සමඟ පර්චස් 07 ක ඉඩමක් එක්ක මනරම් නිවසක් හදලා දෙන්නේ. ඒ ගැන අපි සතුටු වෙන්න ඕන. ඒක දැකලා ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් තවත් නිවාස 10 000ක් ලබා දෙන්න එකඟ වුණා. මම තිගාම්බරම් අමාත්‍යවරයා එක්ක එකතුවෙලා මේ ජනතාව නඟා සිටුවන්න කටයුතු කරනවා. ඒ සඳහා අපේ ආණ්ඩුව වගේම ඉන්දීය රජයත් අපිට උදව් කරනවා.

    ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්   සිල්පෙක් අම්බෙයි මහතා,

    මේ වතුකරයේ ජීවත්වන ජනතාව නඟාසිටුවීම සඳහා ඉන්දීය රජය කැපවෙලා කටයුතු කරනවා. මේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ යා යුතුයි කියන එක තමයි අපේ අදහස, මේ නිවාස ඉදිකිරීමේ වැඩ පිළිවෙල සාර්ථකව සිදුකරගැනීමට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් අමාත්‍ය තිගාම්බරම් මහතාටත්, ශ්‍රී ලංකා රජයටත් අපි ස්තූතිය පුදකරනවා. අපි උතුරු නැගෙනහිරත් විශාල සංවර්ධනයක් සිදුකරනවා. අසල්වැසි රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාවට උදව් කරමින් සංවර්ධනය කරා රැගෙන යාම තමයි අපෙත් අරමුණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya