ජූනි 05, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය නිවාරණයට මුළු රටේම ජනතාව එක්විය යුතුයි- ජනාධිපති ලේකම්

    ජනවාරි 26, 2019

    මත්ද්‍රව්‍ය අද රටේ ආර්ථිකයටත්, පවුල් ජීවිතයටත් විශාල තර්ජනයක් බැවින් මත්ද්‍රව්‍ය නිවාරණය රජයේ වැඩසටහනක් වශයෙන් නොසළකා ඒ සඳහා මුළු රටේම ජනතාව එක්විය යුතු යැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

    මත් උවදුර අද ජාත්‍යන්තර ව්‍යසනයක් බවට පත්වී ඇති බවත් එය මැඩලීම සඳහා රජය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ප්‍රකාශයට පත් කළේ, ජනතාවගේ අවධානය ඒ සඳහා යොමුකර ගැනීමට බවත් ජනාධිපති ලේකම්වරයා පැවසුවේ, මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රගතිය පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදීය.

    නීති විරෝධී ලෙස රට තුළ මත්ද්‍රව්‍ය, මධ්‍යසාර, දුම්වැටි ආදිය ගෙනඒම වැලැක්වීම සඳහා පොලීසිය, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය හා රේගු දෙපාර්තමේන්තුව විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. එමෙන් ම ගමිබද හා නාගරික ප්‍රදේශවල මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා පාසල් සිසුන්, ස්වේච්ඡා සේවකයන් හා පොලීසිය යොදා ගෙන ක්ෂේත්‍ර වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කොට තිබෙන බවද සෙනෙවිරත්න මහතා කීය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙහිදී අදහස් දක්වමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වැටලීම් තුළින්, විමර්ශන ක්‍රියාවලිය මගින්, අධිකරණ ක්‍රියාමාර්ග සහ පුනරුත්ථාපන කටයුතු මඟින් විශාල වැඩකොටසක් කරගෙන යන බව පැවසීය.

    පොලීසිය ජනවාරි මාසය තුළ මේ වන විට හෙරොයින් කිලෝ ග්‍රෑම් 107ක් අල්ලාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ සැකකරුවන් 2895 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා කීය.

    ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරුන් ද මෙම මාධ්‍ය සමුළුවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya