ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට නව තෙමහල් ගොඩනැගිල්ලක්

    ජනවාරි 29, 2019

    ''ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 289ක් වැයකර සුහුරු පන්තිකාමර, පුස්තකාලය සහ ආපනශාලාව වෙනුවෙන් ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගියදා (25) අධ්‍යාපන ගරු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    එමෙන්ම සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ බටහිර සංගීත ඒකකය සඳහා රුපියල් ලක්ෂ 102 ක වියදිමින් ඉදිකිරිමට නියමිත නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සඳහා ද මුල්ගල් තැබිම අමත්‍යවරයා වෙතින් සිදුවිය.

    2018 වර්ෂයේ දී අධ්‍යාපනික හා විෂය භාහිර ක්‍රියාකාරකම්වල දී සුවිශේෂී දක්ෂතා දැක්වූ සිසු දැරියන්ට මෙහි දී ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම සිදුකෙරුණු අතර, ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද අධ්‍යාපන ගරු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්විය.

    මේ අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙන්ම , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් පිරිසක්ද එක්ව සිටියහ.

    DMU/galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya