මේ සඳහා වන සැලැස්ම ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා රජයේ නිල පුවත් අඩවියට පැවැසීය.
දැනට මේ රටේ තේ වගාවෙන් 75%ක් කුඩා වතු හිමියන් විසින් ද ඉතිරිය 25% වතු සමාගම් විසින් ද සිදු කරනු ලැබේ.එහෙත්, බොහෝ කුඩා තේ වතු හිමියන් සහ වතු සමාගම් තේ ඉඩම් නැවත වගා කිරිමට උනන්දු නොවිම නිසා තේ දළු නෙළීම ද අඩු වි තිබේ. තේ හෙක්ටයාරයකට පැළ 5000ක් තිබිය යුතු නමුත් නැවත වගා නොකිරිම හේතුවෙන් එය පැළ 2000-2500 අතර පහත වැටි ඇත.
තේ ගස් අතර පරතරය ද වැඩි වි තිබේ. දළු නෙළීමේ දි තේ ගස් 5000ක් ඇති වත්තකින් එක් නෙළන්නියකට දළු කිලෝ 30ක් පමණ නෙළා ගත හැක. එහෙත් තේ ගස් අතර පරතරය නිසා එය එක් අයෙකුට නෙළා ගත හැකිව තිබෙන්නේ දළු කිලෝ 10-15 අතර ප්‍රමාණයකි.මේ නිසා ඔවුන්ගේ ආදායම ද පහත වැඩි තිබේ.දළු නෙළන්නියන් මේ නිසා තේ ගසේ කොළ හා නැටි ද නෙළන බැවින් නිපදවනු ලබන තේ වල ගුණාත්මක භාවය ද අඩු වි ඇත.
මේ හේතුවෙන් අපතේ යන කසල තේ ප්‍රමාණය 15%ක දක්වා ඉහළ ගොස් ඇති බව ද විජේවර්ධන මහතා සඳහන් කලේය. රජය තේ නැවත වගා කිරිම සඳහා සහනාධාර දෙන නමුත් අලුතින් තේ වගා කිරිමට සහනාධාර ලබා නොදෙන බවත් එයට හේතුව දැන් වගා වගා කොට ඇති තේ ඉඩම් සංඛ්‍යාව ප්‍රමාණවත් වීම බවත් සභාපතිවරයා කීය.