පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් අද (5) පාර්ලිමේන්තුවේ දී විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව පැවසී ය.
කිරිපිටි හිඟයක් මේ වනවිට ඇති වී තිබෙන බවත් ඒ පිළිබඳව ගන්නා පියවර කුමක් දැයි මන්ත්‍රී විජිත හේරත් මහතා විමසා සිටියේ ය.
කිරිපිටි සමාගම් දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා,ලබන සතියේ රැස්වෙන ජීවන වියදම් කමිටුවේ දී මේ පිළිබඳව තීරණයක් ගන්නා බව පැවසී ය.
කිරි පිටි සමාගම් කියන ආකාරයට අමාත්‍යාංශය හෝ පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු නොකරන බවද පැවසී ය.
සමහර කිරිපිටි සමාගම් කිරිපිටි නාමයෙන් ගෙන්වන ඇතැම් නිෂ්පාදන වල ඌරු තෙල් හා ලැක්ටෝස් වැනි ද්‍රව්‍ය තිබෙන බවට පැමිණිලි ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
සමහර කිරිපිටි සමාගම් සමහර පරීක්ෂණ යටපත් කරන්න හදනවද කියලා සැකයක් තිබෙනවා. කිරිපිටි සමාගම් ගැන අවධානය යොමු කර පරීක්ෂණ කරගෙන යනවා. මේ පිළිබඳව වෙනත් රටකින් හෝ පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වෙනවා. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හෙට හමුවෙනවා'. ලෝකය පිළිගත් ආයතන හරහා පරීක්ෂණ කරනවා. කොන්දේසි විරහිතව කටයුතු කරනවා''යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.