ලාංකේය ඡායාරූපකරණයේ ස්වර්ණමය සලකුණක් වූ ඔහු මෙරට සිනමාවේ පෙරළිකාර සමයේ සිටි ධර්මසේන පතිරාජ වැනි දැවැන්තයන් සමඟ ද කටයුතු කර තිබේ. ‘හන්තානයේ කතාව’ චිත්‍රපටයේ සම තිරකතා රචකයාද ඔහු විය.
‘සරසි’ පුවත්පතේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරමින් හා වෙළෙද ප්‍රචාරණ දැන්වීම්වල ප්‍රවීණයෙක් ලෙසද කටයුතු කර තිබේ. පසුගිය මෑත භාගයේ ඔහු ඡායාරූප උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් නව පරම්පරාව සමග දැනුම හා අවබෝධය බෙදාහදා ගනිමින් කටයුතු කළ මාරිගෝපදේශකයෙක් ලෙසද හදුනවා දීමට හැකි වේ. බර්ටි ගුණසේකර මහතා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ ජ්‍යේෂ්ඨතම නිලධරියෙකු සහ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේ ය. දේහය මේ වන විට 59/3 -බී, ශ්‍රී සරණංකර පාර, දෙහිවල නිවසේ තැම්පත් කර තිබේ.