රාජ්‍ය අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් සිංහ රාජ වනන්තරයට ප්‍රවේශවන මාර්ගය පිළිසකර කිරීම සම්බන්ධයෙන් ඇති විය හැකි බව කියන පරිසර හානිය පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මෙහි අලුතෙන් මාර්ගයක් ඉදි නොකෙරෙන බවත් තෙන මාර්ගය පිළිසකර කිරීමක් සිදු කිරීම පමණක් බවත් සඳහන් කළේ ය.
මාර්ගය කිසිදු පළල් කිරීමක් සිදු නොකරයි.නාය යෑම් වැලැක්වීමට ගල් වැටි දැමීමක් සිදු කරයි.පරිසර ආරක්ෂාව තහවුරු කරන මාර්ගෝපදේශ අනුගමනය කරයි. සිංහ රාජ ලෝක උරුම වනන්තරය තුළ සිදු කරන ඉදි කිරීමක් නොවේ. ලෝක උරුම වනන්තර රක්ෂිතයට අදාළ නොවේ.මෙම පිළිසකර කරන මාර්ගයෙන් පා ගමනින් ගමන් කිරීමට පමණක් අවසර ලැබෙන අතර කිසිදු වාහනයක ගමන් කිරීමට වසර ලබාදෙන්නේ නැති බව ද මෙම මාර්ගය පිළිසකර කිරීම් අසඳහා වන වියදම රුපියල් මිලියන 45.8ක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.