රාජ්‍ය අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ආබාධිත පොලිස් නිලධාරීන් මුහුණ දෙන බව කියන උසස් වීම් ප්‍රශ්න, විශ්‍රාම වැටුප් ප්‍රශ්න දීමනා ලබා ගැනීමේ ප්‍රශ්න සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.
මෙම නිලධාරීන් සඳහා උසස් වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතියද ලැබී ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා,විශේෂ වැටුප් වර්ධක දෙකක් ලබාදීමට කටයුතු කර ඇතැයි ද පැවසී ය.වසර 10ට අඩු සේවා කාලයක් හිමි අයට ද විශ්‍රාම වැටුපක් ලබාදීමට ක්‍රියා කෙරේ. වයස අවුරුදු 55 දක්වා ආබාධිත වූ පොලිස් නිලධාරීන්ට වැටුප් හා දීමනා ලබාදීමටත් ක්‍රියා කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.