ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේසන් මහතා පසුගිය 6 වන දින අවිස්සාවේල්ල පෙන්දිරිත්වත්ත නිවාස සැලසුම පිළිබඳ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරනු ලැබීය.
එදින අමාත්‍යවරයා විසින් නිවාස ඉදිකිරීමට නියමිතව ඇති ස්ථානය ද පරීක්ෂා කරනු ලැබීය. එමෙන් ම වතු කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ සොයා බැලූ අමාත්‍යවරයා කියා සිටියේ, ඔවුන්ගේ රැකියා ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි.