නිල සෙවණ කාර්යාල ක්‍රමය රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සදහා වත්මන් රජය මගින් දියත් කර ඇති වැඩසටහනකි. ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි නිලධාරී යන නිලධාරීන් සිව්දෙනාගේම සේවය එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම කාර්යාල ඉදි කොට ඇති අතර, ඒ තුළින් ජනතාවට තම රාජකාරී අවශ්‍යතා වඩාත් පහසුවෙන් ඉටු කර ගැනීමේ හැකියාව ලැබේ.
මහනුවර දිස්ත්‍රික්කය තුළ නිල සෙවණ කාර්යල 70 ක් ඉදි කිරීම සදහා රජය මගින් මුදල් වෙන් කොට ඇති අතර, එයින් නිල සෙවණ කාර්යාල 25 ක් මේ වන විට ඉදි කොට අවසන්කර ඇත. උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඉදි කරන ලද මෙම කාර්යාල තුනත් සමග මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදි වී ඇති නිල සෙවණ කාර්යාල ප්‍රමාණය 28 කි. එක් නිල සෙවණ කාර්යාලයක් සදහා රජය මගින් ලක්ෂ 19 කට ආසන්න මුදලක් වෙන් කොට ඇත.
2019.02.15 වැනි දින ප.ව. 2.00 ට මෙම කාර්යාල විවෘත කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන අතර, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ද මේ සදහා සහභාගී වීමට නියමිතය.