අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති කළුතර දිස්ත්‍රික් සංඝ සභාවේ සභාපති, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කාරක සංඝ සභික සහ අනුනායක, අතිපූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද ස්වාමීන් වහන්සේ බැහැදැක පිරිකර පූජා කරමින් ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව ධර්ම දේශණය ශ්‍රවණය කිරීමට ජනාධිපතිතුමා එක්විය.
පන්නිපිටිය, තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය මිරගහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූ අතර උන් වහන්සේට ද පිරිකර සහ ධාතු කරඬුවක් ජනාධිපතිතුමා විසින් පූජා කරනු ලැබීය.
මැති ඇමතිවරු ඇතුළු දේශපාලන නියෝජිතයින් ද රාජ්‍ය නිලධාරීන් ද ජනාධිපති කාර්යාලයීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දහම් පාසල් දරු දැරියන් ඇතුළු ප්‍රදේශවාසී සැහැදැවතුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
Filephoto