ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    මිලියන 100ක වියදමින් දෙහිඅත්තකණ්ඩිය මාර්ග සංවර්ධනය කිරීම අද ඇරඹේ

    පෙබරවාරි 23, 2019

    මිලියන 100 ක වියදමින් මෙතෙක් සංවර්ධනය කර නොමැති මාර්ග පද්ධති 100 ක් කොන්ක්‍රීට් කිරීම පෙබරවාරි මස 23 සහ 24 යන දිනවලදී දෙහිඅත්තකණ්ඩියේ දී ආරම්භ කෙරේ.

    ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති 100 ක වැඩ කටයුතු ආරම්භ කෙරේ.

     දීර්ඝ කාලයක සිට මෙම මාර්ග පද්ධතිය සකස් කර දෙන ලෙස ජනතා නියෝජිතයින් මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද අමාත්‍යතුමා සහ අමාත්‍යතුමිය වෙත ඉල්ලීම් කර තිබු අතර, ජනතා සිතුම් පැතුම් මල්පල ගන්වමින් ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ කඩිනම් මාර්ග සංවර්ධන කිරීමේ වැඩසටහන තුළ මෙම වැඩ කටයුතු දියත් කෙරේ.

    මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ ඇතුළු මහත්ම මහත්මීන් ප්‍රාදේශ්‍රීය දේශපාලන නායකයන් සහ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya