බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ මගපෙන්වීම අනුව බස්නාහිර පළාත් ආර්ථීක ප්‍රවර්ධන කාර්යාංශය "දිරියට හෙටක්" ව්‍යාපෘතිය කි්‍රයාවට නංවා තිඛෙන අතර විවිධ වූ ස්වයං රැකියා නියුක්තිකයන් සහ සාමාන්‍ය පාරිභෝගිකයන් එකිනෙකට සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.
එමගින් ස්වයංරැකියා නියුක්තිකයන් හට වඩාත් පුළුල් වෙළෙදපොළක් විවෘත වන අතර සාමාන්‍ය පාරිභෝගික ජනතාවට තම පාරිභෝගික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා වඩාත් සුදුසු භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් කඩිනමින් සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව සැලසේ.
බස්නාහිර පළාතේ සියලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි සියලූ ග්‍රාම සේවා වසම් නියෝජනය වන පරිදි විවිධ ස්වයංරැකියාවන්හි නියුතු පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කොට තෝරා ගන්නා ලද ස්වයංරැකියා නියුක්තිකයන්ගේ තොරතුරු දුරකථන නාමාවලිය, වෙබ් අඩවියට ඇතුළත් කරනු ලැබ්.
මුද්‍රිත දුරකථන නාමාවලි 20,000ක ප්‍රමාණයක් බස්නාහිර පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, සංවිධාන හරහා ඛෙදාහැරිමට නියමිත අතර, වෙබ් තාක්ෂණය ඔස්සේ දුරකථන නාමාවලි පහසුකම ලබා ගැනීමේ හැකියාව පවතී. දුරකථන නාමාවලි පහසුකම ඉතා පහසුවෙන් ලබාගත හැකි වන පරිදි මේ සදහා විශේෂයෙන් සැකසූ මෘදුකාංග නොමිලේ ජංගම දුරකථන සදහා බා ගත කිරීම හා පරිශීලන පහසුකම සලසා තිබේ. දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධවීම මගින් ස්වයංරැකියා නියුත්තිකයකු පිළිබද තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව භාවිත කරන්නාට සැලසේ.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් නාමාවලිය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.