මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, ඉදිරියේදී ජාතික පාසැල් වලට මෙන්ම පළාත් පාසල් වලටද මෙම මුල්‍යාධාර ලබා දීමට ක්‍රියා කරන බවත් අනාගතයේදී මෙම පාසැල් සමුපකාර සමිති අතර තරග පවත්වා තෑගි පිරිනැමීමට කටයුතු කරන බවද පැවසීය.
“නැණ ශක්ති“ ලෙස නම් කර තිබූ මෙම ව්‍යාපෘතිය යටතේ එක් පාසලකට රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමේ. මෙහිදී නියමු ව්‍යාපෘතියක් ලෙස පාසැල් 14 ක් සදහා රුපියල් ලක්ෂ 5 බැගින් පිරිනැමීම සිදු කෙරිණි.
මෙම උත්සවය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් සමුපකාර සමිතීන්හි ක්‍රියාකාරී සිසු සිසුවියන් හා එම විද්‍යාලවල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී විය.
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර මෙම උත්සව අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.රංජිත් අශෝක, සමූපකාර කොමසාරිස් එස්.එල්. නසීර්, සමූපකාර නායකයින්, සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.