ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ජල අභිමානි ව්‍යාපෘතියෙන් ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය

    පෙබරවාරි 28, 2019

    ගම්මාන දහසකට සුරක්ෂිත පානීය ජලය ලබාදීමේ “ජල අභිමානි“ ව්‍යාපෘතියේ මාතලේ දිස්ත්‍රික් සමාරම්භ උත්සවය නාඋල ඕපල්ගල ගම්මානයේදී පැවැත්වෙන බව ජාතික ප්‍රජා ජල සැපැයුම් දෙපාර්තමේන්තුවේ මාතලේ ස්ථානභාර භාර නිලධාරි එච් .බී. විජේසිංහ මහතා පැවසීය. මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 01 දින පෙ.ව. 9.30ට සමාරම්භක උත්සවය පැවැත්වේ.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම නව ව්‍යාපෘතිය මගින් ජලසම්පාදන මණ්ඩලය හෝ වෙනත් කිසිදු ව්‍යාපෘතියකින් ආවරණය නොවන ගම්මාන දහසක් සදහා පානීය ජලය ලබාදීමට අපේක්ෂා කෙරේ.

    ජල අභිමානි ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 23ක් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ. එක් ව්‍යාපෘතියක් සදහා රුපියල් මිලියන 1 සිට 10 දක්වා මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන අතර ජාතික ජල සැපැයුම් දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya