ගුණ,නැණ,බල සපිරි දරු පරපුරක් දැයට දායාද කිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ''ළඟම පාසල හොඳම පාසල'' ව්‍යාපෘතිය යටතේ මෙම ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
මෙහි ප්‍රධාන උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පෙ.ව.10.00ට කුලියාපිටිය නගරසභා පිටියේ දී පැවැත්වෙයි.
මීට සමගාමීව කුලියාපිටිය ශාන්ත හෝශප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැගිල්ල,කුලියාපිටිය සාරනාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවනාගාරය,කුලියාපිටිය ගුරුපුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ජාතික අධ්‍යාපන පද්ධතියට දායාද කෙරේ.