මාර්තු මාසයේ පැවැත්වෙන 200 වන සංවත්සර උත්සවයේ සැමරුම් ලාංඡනය ද මෙහිදී එළිදක්වන ලදි.
ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති පැරණිතම පාසලක් වන බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය මෙරටට හදුන්වාදීමේ දී මිසනාරිවරුන් විසින් ආරම්භ කරන ලද පාසලකි. මේ වන විට සිසුන් 3000 ක් පමණ අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයේ ගුරුවරුන් 150 ක් පමණ සේවය කරති.
මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය දිනෙන් දිනම දියුණුවට පත්වීම තම අපේක්ෂාව බවයි. ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදීමට කැපවන බවත්, එම විද්‍යාලයේ දන්ත වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා, විද්‍යාලයේ විදුහල්පති එන්.ජී සෝමසිරි මහතා, ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සභාපති දනික නානායක්කාර මහතා මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික්‍රමනායක මහතා ඇතුලු විද්‍යාලයේ ආදිශිෂ්‍යයින්, සිසුන් එක්ව සිටියහ.