මෙම සම්මේලනය 2019 සැප්තැම්බර් 29 සිට ඔක්තොම්බර් 04 වන දා දක්වා පැවැත්වීමට සැලසුම් කොට තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ශ්‍රී ලංකාව දැනමටත් හරිත ක්‍රියාවලිය අනුව අන්තර්ජාතික තෙත්බිම් සහතිකය ලබා තිබෙන අතර එයත් සමඟම කොළඹ නගරය මුල් කරගනිමින් මෙම හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වැදගත් බව අද (28) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.
වත්මන් රජය ක්‍රියාත්මක කරන බස්නාහිර පළාත මහ නගරයක් බවට පත් කිරීමේ දැවැන්ත නාගරික ක්‍රියාන්විතය මේවන විට ආරම්භ කොට ක්‍රියාත්මක වෙමින් පවතින බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජගත් මුණසිංහ මහතා කීය. එම නගර සංවර්ධනයේ අරමුණු අනාගතය වෙනුවෙන් තවදුරටත් සාක්ෂාත් කර ගැනීම සඳහා අවැසි සහාය දැක්වීම ද මෙම සම්මේලනයේ අරමුණ බවද ජගත් මුණසිංහ මහතා තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
නගර සංවර්ධනයේදී පරිසර හිතකාමී බලශක්තිය, අඩු පිරිවැය ගෘහ නිර්මාණ ශිල්පය, පුනර්ජනනී බල ශක්ති උත්පාදනය, වැඩිවන බලශක්ති ඉල්ලුමට විසදුම් ලබා දීම, සුහුරු නගර සහ අධික වාහන තදබදය ඇතුළු ප්‍රවාහන ගැටලු වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව මෙම සම්මේලනයේදී සාකච්ඡාවන බව ලෝක ප්‍රතිචක්‍රීකරණ මහා සම්මේලනයේ සම සභාපති විද්‍යා අමරපුර මහතා පැවසීය.
මෙම අවස්ථාවට ලෝක ප්‍රතිචක්‍රීකරණ මහා සම්මේලනයේ සභාපති මහාචාර්ය ඒ. සේයිග් මහතා ද සහභාගී විය.