එහි දී ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය, ආර්ථික-සංස්කෘතික සබඳතා පිළිබඳ ව දීර්ඝ වශයෙන් අවධානය යොමු කරමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරටෙහි අතර පවතින ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන්, අධ්‍යාපන හුවමාරු වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් වැඩි අවස්ථා ලබාදීම කෙරෙහි ද අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම්, පානීය ජල ව්‍යාපෘති මෙන් ම අපජල කළමනාකරණ ව්‍යාපෘති ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ ලබාදෙන සහයෝගය තමන් ඇගයීමට ලක් කරන බැව් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. එමෙන් ම උසස් අධ්‍යාපන අංශයේ ද චීනය විසින් ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන් සම්බන්ධව ද ස්වකීය ස්තූතිය පල කළේ ය.
වසර 2500ක ඉතිහාසයකට දිවයන චීන-ශ්‍රී ලංකා දීර්ඝ කාලීන මිත්‍රත්වය වඩා වර්ධනය කරගැනීම තම රටේ අපේක්ෂාව බැව් චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් මහතා මෙහි දී අවධාරණය කළේ ය. එමෙන් ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වනවිට ලබාදෙන ශිෂ්‍යත්වවලට අමතරව වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ, මෙන් ම ජීව විද්‍යාව යන ක්ෂේත්‍රයන් සඳහා වැඩි වශයෙන් උසස් අධ්‍යාපන අවස්ථා මෙරට සිසුන්ට ලබාදීමට ද අපේක්ෂා කරන බැව් චීන තානාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙම අවස්ථාව සඳහා නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් කිහිප දෙනෙක් ද එක් වූහ.