ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර ගුවන් මගින් බීජ රෝපණය කිරීම පිළිබද සකසා තිබූ ප්‍රදර්ශන කුටිය එහිදී ජනාධිපතිතුමාගේ විශේෂ නිරික්ෂණයට ලක් විය.
එමෙන්ම ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයට අයත් ප්‍රදර්ශන කුටිය වෙත ගිය ජනාධිපතිතුමා වෙත එම පුහුණු කටයුතු පිළිබ`ද සම්පාදනය කෙරුණු ග්‍රන්ථයක් ද පිළිගැන්විණි. එහිදී නව වෙබ් අඩවියක් ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
03 සිට 06 වනදා දක්වා හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරු පරිශ්‍රයේ දී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ දී ගුවන් හමුදාවේ කාර්යභාරය සහ ගුවන් හමුදාව සතු සම්පත් ප්‍රදර්ශනය කිරීම මෙන්ම මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්ත්වයන්හි දී හා ස්වභාවික ව්‍යසනයන්හි දී ගුවන් හමුදාව කි්‍රයා කරන ආකාරය නිදර්ශනාත්මකව ඉදිරිපත් කිරීම සිදු කෙරේ. එමෙන්ම ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සන්දර්ශන, තූර්ය වාදන හා සරඹ සන්දර්ශන සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් රැසකින් එය සමන්විතය. සෑම දිනකම ප.ව 2.00 ට ආරම්භ වන සැණකෙළිය මධ්‍යම රාති්‍රය දක්වා පැවැත්වෙයි. මෙය මහජනතාවට සම්පූර්ණයෙන් විවෘත අතර, ඇතුථවීම සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විෙජ්ගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.