2019 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
මෙවර අයවැය සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අගය කරනවා.සෞඛ්‍ය සේවාවේ ක්ශේත්‍ර ගණනාවක් මෙවර අයවැයෙන් ආවරණය කර තිබෙනවා.සෞඛ්‍ය ක්ෂේත්රයට බලපාන සේවාවන් සඳහා විශාල මුදලක් වෙන් කර තිබෙනවා. දුම්වැටි වලට බදු වැඩි කිරීම, මත් වතුර සඳහා බදු වැඩි කිරීම කර තිබෙනවා. එය සැමදාම සෞඛ්‍ය ක්ෂේත්රය ඉල්ලපු දෙයයි. බෝ නොවන රෝග අපේ රටේ විශාල තර්ජනයක් වී තිබෙන්නේ. එය පාලනය කිරීමට මෙවැනි වැඩපිළිවෙලක් ගෙන යෑම ඉතාම වැදගත් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.