ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ජනපති, පොලිස් නිලධාරින්ගේ දුක් ගැනවිලි සොයා බලයි

    මාර්තු 06, 2019
    බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි මහජන දිනයට එක්වෙමින් දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සදහා පැමිණ සිටි පොලිස් නිලධාරින් හමු විය.
    උසස්වීම්, ස්ථාන මාරුවීම් ඇතුළු සිය ගැටලූ ඉදිරිපත් කිරීම සදහා පොලීසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින් අමාත්‍යාංශය වෙත පැමිණ සිටී අතර, ඔවුන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා එම දුක්ගැනවිලිවලට ඇහුම්කන් දුන්නේ ය.
    අනතුරුව කාර්ය මණ්ඩලය සමග හමුවකට එක් වූ ජනාධිපතිතුමා, උපදෙස් දුන්නේ පොලිස් සේවයේ සියලූ නිලධාරින්ට තෘප්තිමත් මනසකින් යුතුව සිය රාජකාරි ඉටුකිරීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ සියලූ ගැටලූවලට විසදුම් ලබාදීමට පියවරෙන් පියවර කටයුතු කළයුතු බවයි.
    නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya