ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ජන ගරුත්ත්වය සුරකින අයවැයක්- නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

    මාර්තු 06, 2019

    ජන ගරුත්ත්වය සුරකින අයවැයක් ලෙස මෙවර අයවැය හැදින්විය හැකි බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

    නව ලිබරල් ආර්ථිකය ලෝකයේ කොහෙවත් පිළිගන්නේ නෑ. මේ අය වැය ජනතාවාදීව පියවර ගෙන තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහනට ජනතා ගෞරවයක් ඇති වී තිබෙනව. දැන් තිබෙන්නේ ගම්මන රජ්‍යයක් නොවේ. සැම  ගමක් ම ඉල්ලා සිටින්නේ නාගරික පහසුකම්. මේ කටයුත්ත පසුගිය කාලයේ පත්තකට දමා තිබුණා. දැන් සෑම  ගමක් ම ආවරණය වන පරිදි ගම්පෙරළිය ක්‍රියාත්මක වෙනවා. මෙය ජන ගරුත්ත්වය සුරකින අයවැයක් ලෙස  මෙය හැදින්විය හැකියි.

    කොළඹ කුණු මීතොටමුල්ලේ දැම්මා.සනීපාරක්ෂක පසුබිමක් යටතේ කිරීමට නොහැකිව පීඩනයකට පත් වෙලා.  සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව බෙදී යන ලෙස නීපාරක්ෂක පහසුකම් ලබා දෙන්නේ.දස ලක්ෂයක් ජනතාවට  පහසුකම් ලබාදී තිබෙනවා.නගරයෙත් ගමෙත් කුණු ප්‍රශ්නය උග්‍ර වෙලා. විශාල මුදලක් වෙන් කර තිබෙනව මේ  ප්‍රශ්නය වෙනුවෙන්.

    සංචාරක කලාප ප්‍රවර්ධනයට මුදල් වෙන් කර තිබෙනවා.සෑම 14 දෙනෙකුගෙන් ම එක් අයෙක් රාජ්‍ය  සේවකයෙක්. රජය සියයට 107කින් වැටුප් වැඩි කර තිබෙනවා. තව 2500ක දීමනාවක් ලැබෙනවා.ගුරු වැටුප්  විශාල වශයෙන් වැඩි වෙනවා.අද අධ්‍යාපනයට කිසිම කැපිල්ලක් නැ. උසස් අධ්‍යාපනයට කැපිල්ලක් නෑ. පැරණි  කතාවක් එක දිගට කියනවා. අවලාදවලට යථාර්තවාදීව පිළිතුරු ලබාදී තිබෙනවා. සම්ප්‍රදායික වැවිලි බෝග දෙස  බලා, තල් සංවර්ධන යෝජනාවක් ඉදිරිපත් කළා.ඉදිරි කාලයේ දී කිතුල් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවන්න  කියලා ඉල්ලා සිටිනවා. ජන ගරුත්ත්වය සුරකින දීර්ග කාලීන ලෙස වැදගත් පදනම් පියවරක් ලෙස අයවැය  හදුන්වා දෙන්න කැමතියි''යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya