අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
ආර්ථික අවපාතයක් තිබෙනවා නම් මෙවැනි අයවැයක් සකස් කිරීමට හැකියාවක් නෑ.මේ ආර්ථික අර්බුදය ගැන ඇහුවේ පනස් ගණන්වල සිටයි. අද ඊයේ නොවෙයි.වමේ කට්ටිය ඔය කතාව කිව්වා.හම්බන්තොට වරාය ගොඩනැඟිය යුතුයි. මත්තල හැදුවා ගුවන් යානා නෑ. විපක්ෂයේ අය හිතනවා මේක හීනයක් කියලා. සිහිනය උදා වෙනවා. විවෘත ආර්ථිකයට බනින අයට විකල්පයක් නෑ.සමාජ වෙළඳ ආර්ථිකය තුළ සියලු සහන ලබාදෙනවා. මේකේ තියෙන්නේ දන් සැලක් නොවේ.
ජාතික ආණ්ඩුව ප්‍රසංශාවට ලක් වුණා.ඌරු මීයෝ වගේ ආණ්ඩුවේ ඉදගෙන ආණ්ඩුවට බැන්නා.දින පනස් දෙකට විශාල ආර්ථික පාඩුවක් සිදු වුණා.ග්‍රාමීය පාසල් දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න මුදල් ලබාදී තිබෙනවා. වැසි කිළි පහසුකම් සඳහා මුදල් ලබා දී තිබෙනවා.සුවසැරිය ආවාම කිව්ව රෝ ඔත්තු කරුවෝ එනවා කිව්වා. මින් ලක්ෂ පහකට වැඩි ජනතාවක් ප්‍රතිලාභ ලබා තිබෙනවා.නිදන් ගත වකුගඩු රෝගයට ලංකාවට තිබුනේ ඩයලිසීස් යන්ත්‍ර තිබුණේ 227යි. මේ වසර අවසන්වන විට සියලු රෝහල්වලට සියලු ඩයලිසීස් යුනිට් හදනවා. අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. සබරගමුව, වයඹ, මොරටුව වෛද්‍ය පීඨය හදනවා.රුහුණු වෛද්‍ය පීඨයේ සිසුන් 200 සිට 300 දක්වා වැඩි කරන්න කටයුතු කරනවා. හෙඳ පීඨය හදන්න කටයුතු කර තිබෙනවා. ශිෂ්‍යත්ව ලබාදීමට පොළී රහිත ණයක් ලබාදෙනවා.පුද්ගලික අංශයේ හෙද පුහුණුව සඳහා දීමනාවක් ලබාදෙනවා.
රාජ්‍ය සේවකයින් අමතක කර නෑ.රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි වෙනවා. හමුදාවේ දීමනා පසුගිය කාලයේ වැඩි කර තිබුණේ නෑ. ගෙවල් කුලී දීමනා, නිල ඇදුම් දීමනා වැඩි කර තිබෙනවා.රාජ්‍ය සේවයම ඩිජිටල් කරණය කරනවා. සෞඛ්‍ය සේවයම ඩිජිටල්කරණය කරනවා.ජනතාවට ප්‍රගතිශීලී දේ කළ ආණ්ඩුවක්.මෙය තමයි චීනයේ, වියට්නාමයේ, කාම්බෝජයේ කරන්නේ.මේ රටේ ආර්ථික වර්ධනය වේගය වැඩි වුණා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.