ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    ජනතාවට සහන ගලා යන ආයෝජනයට ඉඩක් ලබාදෙන අයවැයක්- අමාත්‍ය පාඨලී චම්පික රණවක

    මාර්තු 06, 2019

    ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න නම් විද්‍යාත්මක ණය කළමනාකරණයක් අවශ්‍යයි. ඉතාම දුෂ්කර හා සීමාකාරී මූල්‍ය වටපිටාවක් තුළ ජනතාවට සහන ගලා යන ආයෝජනයට ඉඩක් ලබාදෙන අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා '' යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2019 දෙවැනි වර කියවීමේ විවාදයේ  අඳහස් දක්වමිනි.

    මේ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න නම් විද්‍යාත්මක ණය කළමනාකරණයක් අවශ්‍යයි. ආර්ථිකයක්  ඉදිරියට යන්න නම් ණය ගැති භාවය වෙනස් කර ගත යුතුයි. අපනයට ශක්තියක් දෙන්න මෙය පාලනය  කරගන්න අවශ්‍යයි. ඩොලරය අද පාලනය වී තිබෙනවා. මේ අයවැයෙන් එය තවදුරටත් පාලනය කර ගන්න හැකි වෙයි.

    දළ ජාතික වර්ධනය ඇඳ වැටිලා. සාම්ප්‍රදායික ක්‍රමයට වර්ධනය කර ගන්න බෑ. නවොත්පාදන උපාය මාර්ග දළ  ජාතික වර්ධනය කරගැනීමට අවශ්‍යයි. ලාබ ශ්‍රමය ලංකාවේ නෑ. අපි කළ යුත්තේ, මිලියන 21ක උගත් හැකියාව  නිසි ආකාරයට භාවිත කළ යුතුයි. ඒ සඳහා හතරවැනි කාර්මික විප්ලවයට අනුකූල ක්‍රමවේදයකට අප යා යුතුයි.

    විෂයධාරාවේ විශාල වෙනසක් ඇති වී තිබෙනවා.ඉදිරි කාලයේ දී පාරවල් හදන්න, නගර නිර්මාණ වගේම නවෝත්පාදනයට දිරි දෙනව නම්, ආර්ථිකයට වැඩි දිරි දීමක් දෙන්නේ නවෝත්පාදන ආර්ථිකයයි. පොදු ප්‍රවාහනය නැංවීම සඳහා  අයවැයෙන් ලබාදුන් සහනය ගැන සතුටු වෙනවා.

    සැලසුමක් නැති ආකාරයට බාල ජනප්‍රිය දේට ආයෝජනය කළ නිසා වැරැද්දක් සිදු වුණා. බාල ජනකාන්තවාදය වෙනුවට විද්‍යාණුකූල සැලසුමකට ආයෝජනය කරනව නම්, බලගතු ප්‍රතිඵල තිබෙනවා. රටේ වෘත්තීයවේදීන්ට  යුක්තියක් ඉටු විය යුතුයි. ඒ අය අසහනයට පත් වුණොත් රට තවදුරටත් පහළට වැටෙනවා. සැලකිය යුතු පිරිසක්  විදෙස් රටවලට ගමන් කර තිබෙනවා. ඉතාම දුෂ්කර හා සීමාකාරී මූල්‍ය වටපිටාවක් තුළ ජනතාවට සහන ගලා යන  ආයෝජනයට ඉඩක් ලබාදෙන අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. වටිනාම දෙය අපි අපේ ජාතියේ දරුවන්ට ලබාදෙමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya