ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    යුරෝපා සංගමය සහ ජර්මනියේ තානාපති හා සුව ඇමැති අතර හමුවක්

    මාර්තු 07, 2019

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබද සාකච්ඡාවක් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තාතාපති Mr. Tung-Lai Margue මහතා  සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති Mr. Jorn Rohde මහතාගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

    ව්‍යාපෘති වලට අමතරව ඔක්සිජන් සැපයිම සහ ප්‍රතිශක්තීකරණ පාන වර්ගවලට වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිශක්තීකරණ පානවර්ග වලට ද වර්ණ සංකේත ක්‍රියාත්මක කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුනි.

    මෙම අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික්‍රම, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එල්.කේ ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya