අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (7) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග යටතේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ජලභීතිකා මර්ධන වැඩසටහන සාර්ථකව සිදු කිරීම සඳහා ජලභීතිකා මර්දන වැඩසටහන අමාත්‍යාංශයට පවරා ගන්නා බවද සඳහන් කළේ ය.
වසර 2017 දී සුනඛ ජලභීතිකාව හේතුවෙන් මානව මරණ 23ක් සිදු වී තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.2018 දී ජලභීතිකාව හේතුවෙන් මරණ 25ක් සිදුව තිබේ. මේ වනවිට රටේ ජලභීතිකාව වැඩිවෙමින් පවතින බවද අමාත්‍යවරයා පැවසී ය.