ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    රජය ආර්ථිකය හා විදෙස් ප්‍රතිපත්තිය කළමනාකරණය කළා - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    මාර්තු 07, 2019

    වත්මන් රජය ආර්ථික කළමනාකරණයත් විදෙස් ප්‍රතිපත්ති කළමනාකරණයත් සිදු කර තිබෙන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (7) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දී අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    මේ වසරේ බිලියන 5.9ක ණය ගෙවීමට තිබෙන බව කී අමාත්‍යවරයා පසුගිය රජය වසර දෙකක් තිබිය දී මැතිවරණයකට ගියේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ නිසා පැවසී ය.

    පසුගිය රජය ක්‍රියාත්මක කළ ආදායම් නොමැති ව්‍යාපෘති නිසා ආර්ථිකය අර්බුදයකට ලක්විය.එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ බැංකු ක්‍රමය ගමට ගොස් ඇති බව කී අමාත්‍යවරයා,උසස් පෙළ සමත් සිසුන් සඳහා විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මෙවර අයවැයෙන් සිදු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය. තවද ලක්ෂ 10ක් පවුල් වෙත සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් මුදල් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා විවාදයට එක්වෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya