ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා

    මාර්තු 07, 2019

    දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ග්‍රාමනිලධාරීන්ට හිමි දීමනා පහසුකම් සළසා තිබෙන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා,පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ස්ථාවර නියෝග යටතේ, ග්‍රාම  නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය ලක් කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනි.

     කණගාටුදායක සිදුවීමක් වුණේ.සංගම් නවයෙක් එක් සංගමයක් විරෝධයට එක් වුණේ. ඉතුරු සංගම් අටම  විරෝධය පළ කළා.දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.දිසාපති කාර්යාල  නොමැති තැන්වල ස්ථාපිත කරනවා.ප්‍රාදේශිය ලේකම් කාර්යාල 365ක් කරලා අවසන් කරනවා. නිල සෙවණ  කාර්යාල 14,000ම හදලා අවසන් කරනවා. දෙසැම්බර් මස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අවසන් වෙනවා.  ලංකාවේ 3000ක් පමණ නිල සෙවණ අවසන් කර තිබෙනවා.ග්‍රාම නිලධරිමූලික වැටුප 28940කින් අවසන්  කරනවා.කාර්යාල දීමනා වැඩි කර තිබෙනවා. ලිපිද්‍රව්‍ය දීමනා අවශ්‍ය පහසුකම් සළසනවා. ගමන් වියදම් වැඩි  කිරීමට යෝජනා කර තිබෙනවා.දේශපාලන පලිගැනීම සම්බන්ධ කාරනා සම්පූර්ණ අසත්‍යක්. එවැනි සිදුවීමක්  සිදුවී ඇත්නම් එය නිවැරැදි කරන්න කටයුතු කරනවා.ග්‍රාම නිලධාරී විරෝධයට එක් වුණේ, වෘත්තීය සමිති  නවයකින් එක් වෘත්තීය සමිතියක් පමණයි.මේ සේවාවට කළ ඛේදවාචකය අනෙක් වෘත්තීය සමිති හෙළා දකිනවා  යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya