ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් ප්‍රගතියක් අත් කරගන්න පුළුවන්- මන්ත්‍රී මහින්ද අමරවීර

    මාර්තු 07, 2019

    ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ''වැඩසටහනෙන් ප්‍රගතියක් අත් කරගන්න පුළුවන්.එයට හොඳ කණ්ඩායම්, නිෂ්පාදකයන් තෝරාගෙන වැඩසටහන ක්‍රියාත්මක කළොත් රට දියුණු කරගන්න එය හේතුවක් වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

    අයවැයෙන් හොඳ මෙන් ම අඩුපාඩු පෙන්වා දීම අපේ යුතුකමක්.ගොවි ජනතාව වී මිල වැඩිවීමක් මේ අයවැයෙන්  බලාපොරොත්තු වුණා.රටක් විදියට නඟී සිටීමට නම් ගොවියා සහ ධීවරයා ශක්තිමත් කළ යුතුයි.ගොවියා ධීවරයා  සූදානමින් සිටිනවා නිෂ්පාදනය කරන්න.ධීවර ජනතාව විශාල කාර්යභාරයක් කරනවා.

    පසු අස්වනු හානි අවම කිරීමට ශීතාගාර සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ රජයට ස්තූතිවන්ත වෙනවා.රට තුළ  වගා කරන්න පුළුවන්.එය ආරම්භ කළ යුතුයි. හොඳ වැඩවලට අප සහයෝගය ලබාදෙනව.අප රටක් ලෙස  කල්පනා කළ යුතුයි.රට වෙනුවෙන් සියලු තීරණ ගත යුතුයි. රට ඇතිවෙන්න ණය වෙලා තිබෙනවා.

    අපේ ධීවර ක්ෂේත්‍රයට විශාල ඉදිරියක් තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යම් ප්‍රගතියක් අත් කරගන්න  පුළුවන්.එයට අනවශ්‍ය දේශපාලන මැදිහත්වීමක් කර ගන්නේ නැතිව,හොඳ කණ්ඩායම්, නිෂ්පාදකයන්  තෝරාගෙන වැඩසටහන ක්‍රියාත්මක කළොත් රට දියුණු කරගන්න එය හේතුවක් වෙනවා. සනීපාරක්ෂක  කටයුතුවලට මුදල් වෙන් කිරීම හොඳ කටයුත්තක් බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya