ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අද අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී

    මාර්තු 08, 2019

    අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    මෙවර ජාත්‍යන්තර කාන්තා දින ප්‍රධාන ජාතික සැමරුම් උත්සවය “සහුරු කතක්- සොදුරු ලොවක්” යන්න තේමාව යටතේ සංවිධානය වෙයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කාන්තා හා ළමා කටයුතු සහ වියළ කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ සහභාගීත්වයෙන් කාන්තාවන් 6000ක් සහභාගී කරගෙන අද (මාර්තු 08) දින පෙ. ව.9 .00 සිට 12.00 දක්වා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී සැමරුම් උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

    මෙම ප්‍රධාන ජාතික උත්සවයට සමගාමීව 2019 මාර්තු ඊයේ (07) හා අද ( 08) දිනයන්හි උත්සව භූමි පරිශ්‍රයේදී ව්‍යවසායක කාන්තාවන්ගේ නිෂ්පාදන ඇතුළත් අළෙවි කුටි 100කින් සමන්විත අළෙවි පොළක් හා වෙළෙඳ ප්‍රදර්ශනයක් සහ කාන්තාවන් උදෙසා සුවනාරි සායනයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya