ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    යල කන්නයේ සිට වී මිල ඉහළට -අමාත්‍ය පී. හැරිසන්

    මාර්තු 08, 2019

    යල කන්නයේ සිට නාඩු වී කිලෝවක් රුපියල් 40 ලෙසද සම්බා වී කිලෝවක් 43 දක්වා ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා බස්නාහිර පළාත් ගොවිජන අබිමන් සම්මාන උළෙලට එක්වෙමින් පැවසීය.

    එහිදී ගොවියෙකු වගේම කෘෂිකාර්මික ගමක උපන් අයෙක් හේතුවෙන් මේ වන විට පවතින සහතික වී මිල පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා - දැන් වී මිලදී ගැනීම ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.මං දැක්කා ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිසාපතිතුමාට කෝටි 10ක් සල්ලි යවලා තියෙනවා. මධ්‍යස්ථාන 27ක් වී අලෙවි මණ්ඩලය දැන් විවෘත කරලා තියෙනවා සති දෙකක් තිස්සේ. මේ සති දෙකේම ගෙනැල්ලා දීලා නෑ එක වී ඇටයක්වත් ගබඩාවලට. අපි දුන්නා සහතික මිලක් නාඩු කිලෝ එකකට රු.38ක්, සම්බා කිලෝ එකකට රු.41යි. මම දන්නවා
    ගොවියාට ඒ මිල මදි.මේ විෂයභාර ඇමතිවරයා විදිහට නෙවෙයි ගොවියෙකුගේ පුතෙක් හැටියට මම පිළිගන්නවා ගොවිතැනේදී වී මිල වැඩි වෙන්න ඕනේ. හැබැයි වී මිල වැඩි වෙනවා වගේම සහල්වලටත් ප්‍රශ්නයක් තියෙනවා පාරිභෝගික ජනතාවටත්. දැන් වෙළඳ ව්‍යාපාරිකයෝ කිව්වා අපි වැඩි ගණන් වලට වී ගත්ත නිසා හාල් මිල අඩුකරන්න බෑ කියලා. හාල් 100/- ට දෙන්න ඕනෙ කියලා. තව තැනක කිව්වා 120/- ට දෙන්න ඕනෙ කියලා. ඉතින් කවදද මේ ක්‍රමවේදය හදන්නේ.


    මම මේ විෂයභාර ඇමතිවරයා විදිහට ආවට පස්සේ වෙළඳ ව්‍යාපාරිකයෝ, වී මෝල් හිමියෝ වගේම ගොවීන්වත් හම්බ වුණා. දැන් අපි ඒකට ක්‍රමවේදයක් හැදුවා. අද රු. 38 ට වී ගන්නකොට පාරිභෝගිකයට නාඩු හාල් කිලෝ 01 ක් රු. 80 ට ගන්න අපි ඒකට සම්මත ක්‍රමවේදයක් හැදුවා 2.1 ට ඒ කියන්නෙ නාඩු කිලෝ 01 ක් 38/- ට ගන්නකොට හාල් 80/- යි. වී වගේ දෙගුණයක් සහ තව දශම 1 ක් වැඩි වෙන්න. ඒ නිෂ්පාදන මිල සම්බා කිලෝ 01 ක් රු. 41 ට ගන්න කොට හාල් කිලෝ 01 ක් රු. 85/- ට ගන්න. මේ ක්‍රමවේදය විතරක් හදල වැඩක් නෑ. අපි අප්‍රේල් මාසයේ ඉඳලා ගැසට් කරනවා. අපි වී 40/- ට ගන්නවනම් හාල් මිල ඊට ටිකක් වැඩිවෙනවා. හැබැයි සිල්ලර මිල ඊට වැඩිවෙන්න බෑ. එතකොට ගොවියාගේ වී මිල වැඩිවෙන ගානට හාල් වල මිලත් වැඩිවෙනවා. දැන් අපි ඒ ක්‍රමය හදුන්වල දීලා තියෙනවා.

    අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරල තියෙනවා කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත්කරල තියෙනවා අප්‍රේල් මාසෙ පළවෙනිදා ඉදලා නාඩු කිලෝ එකක් විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල රු. 80 යි. සම්බා හාල් කිලෝ 01 විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල රු. 85 යි. මම හිතනවා යල කන්නයේ ඉදලා මේක තව වෙනසක් වෙන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම නාඩු වී කිලෝ 01 රු. 40/- ක් වෙන්න ඕනා. දැන් අපි ක්‍රමවේදය හදලා තියෙනවා. ඒ හින්දා ගොවිමහත්වරුන්ට ප්‍රශ්නයක් නෑ. කන්නයෙන් කන්නයේ වී මිල වැඩි කරනවා.

    ඒ වගේම අපි ගොවියා හා ගොවියාගේ නිෂ්පාදන අලෙවි කරන්න ගොවියා හා වෙළද ප්‍රජාව අතර ගිවිසුමකට යන්න තීරණය කළා. අපි රේගුවෙන් ගෙන්න ගමු පහුගිය අවුරුද්දෙම ආනයනය කරපු ළූණු ප්‍රමාණය කොච්චරද කියලා. හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනයට මං කිව්වා ඕගොල්ලෝ හදන්න රටේ අවශ්‍යතාවය කොච්චරද කියලා. පරිභෝජනය කොච්චරද කියලා. ඊළගට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කිව්වා කෘ.ප.නි.ස. මහත්වරුන්ගෙත් විස්තර අරගෙන ළූණු වගා කරන්නේ ලංකාවේ කොහෙද හෙක්ටයාර් කීයක් වගා කරනවද කොච්චරද අස්වැන්න කියලා දළ වශයෙන් ඇස්තමේතුවක් ගන්න කියල.


    දැන් උදාහරණයක් විදිහට හිතමු බී ළූණු ආනයනය කරන්න ඉන්නවා වෙළෙන්දො 100 ක්. බී ළූණු වගා කරන ගොවීන් ඉන්නවා සාමාන්‍යයෙන් 5000 ක්. බී ළූණු ආනයනය කරන වෙළද ව්‍යාපාරිකයන් සහ ගොවියන් අතර ගිවිසුමක් අත්සන් කරන්න ඕනෙ. ඒ වෙළද ව්‍යාපාරිකයෙක් අපේ ගොවියෝ 500 ක් බලාගන්නවා කියල ගිවිසුම අත්සන් කරන්න ඕනෙ. එයාගෙ ළූණු ටික අපි නියමිත මිලට ගන්නවා කියලා. ඒ 100 න් පිට ආනයනය කරන්න වෙන කාටවත් දෙන් නෑ. එතකොට ගොවියා විශ්වාසය ඇති වෙනවා ළූණු ටික මිලට ගන්නවා කියලා. අපේ ගොවියගෙ ළූණු ටික ගන්නවා කියන ගිවිසුම අනුව තමයි වෙළෙන්දට ආනයන බලපත්‍ර ලබාදෙන්නෙ. මේකට කෝට ක්‍රමයක් හදන්න ඕන. ජනවාරි මාසයට පාරිභෝජනයට අවශ්‍ය ළූණු ප්‍රමාණය මෙ.ටො. 50 නම් 50 යි ගේන්න දෙන්නෙ. මේ විදිහට ක්‍රමක්‍රමයෙන්
    ගොවියාට විශ්වාසයක් ඇති වුනොත් තමන්ගේ භෝගයට නියමිත වටිනාකමක් දීලා. හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනයෙන් පරීක්ෂණය කරනවා මේ වගාවට කොච්චර වියදමක් යනවද එයාට කීයක් ලාභය දිය යුතුද කියලා. ඒ අනුව තමයි අපි මේ වැඩසටහන හදන්න ඕනෙ. මුලින්ම අල, ළූණු, උදු, කව්පි, මුංඇට, කඩල මේ වගේ භෝග කිහිපයකට අපි වැඩපිළිවෙලක් හදනවා


    මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර, බස්නාහිර පළාත් සහකාර කොමසාරිස් සාරංගා සරත්චන්ද්‍ර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් ද සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya