අමාත්‍යවරිය එම අදහස් පළ කළේ , ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික වැඩසටහනට සමගාමීව අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී ඊයේ (07) වනදා පෙරවරුවේ ආරම්භ කළ කාන්තා නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ගෘහණියක ලෙස ගෙදර දොර කටයුතු ඉටු කිරීමේ වගකී කාන්තාවට පැවරී ඇත. එම කටයුතු වලින් බැහැරව පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ උපායමාර්ග සඳහා ද කාන්තාවගේ දායකත්වය මේ වන විට ඉහළ ගොස් තිබේ. එමෙන්ම දැන් දැන් කාන්තාවෝ පිරිමින් හා සම මට්ටමේ රැකියා ක්ෂේත්‍ර කරා යොමු වීමට තරම් ශක්තිවන්ත බවක් පෙන්වන බව ද අමාත්‍යවරිය සඳහන් කළා ය.
ත්‍රිවිධ හමුදාවන් හි නියුතු කාන්තා සෙබළියන් මේ වන විට පැරෂුට් සන්දර්ශන සඳහා ඉදිරිපත් වීමත් ගුවන් යානා පැදවීමේ නියමුවරියන් ලෙස කටයුතු කිරීමත් දකින්නට ඇතැයි කී අමාත්‍යවරිය මෙය ලෙහෙසියෙන් පහසුවෙන් කාන්තාවන්ට ඉටු කළ හැකි වීම කාන්තා පරපුරේ විශාල ඉදිරි දියුණුවක් බව ද කීවා ය.
වර්තමාන රජයේ කාන්තා පරපුරේ දායකත්වය රටේ ඉදිරි සංවර්ධනයට යොදා ගැනීමේ විධිමත් සැලසුමක් සකස් කර ඇතැයි ද අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පැවසුවාය . අමත්‍යාංශයේ ලේකම් දර්ශනා සේනානානයක මහත්මිය , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක ඇතුළු නිලධරීන් රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
කාන්තාවන්ගේ අත්කම් නිෂ්පාදන සහිත අලෙවි කුටි සියයකට අධික සංඛ්‍යාවක් අමාත්‍යරියගේ නිරීක්ෂණයට ලක් විය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාන්තා බලකායේ විවිධ අංශ වලින් ඉදිරිපත් කර තිබූ , විහේෂ ප්‍රදර්ශන කුටිය ද අමාත්‍යවරියේ නිරීක්ෂණයට ලක්වීම විශේෂත්වයක් විය.
DMU/Anuradhapura