ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් මත ගම්පහ ප්රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මත්මියගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම පා ගමනට කාන්තාවන් 600ක් පමණ සහභාගී වීමට නියමිතය.
ග්රාම නිලධාරිනියන්, ආර්ථික සංවර්ධන නිලධාරිනියන්, සමෘද්ධි සංවර්ධන නිලධාරිනියන් හා සමෘද්ධි සමිති සාමාජිකාවන්, පෙර පාසල් පාලිකාවන් සහ ආචාර්යවරියන් ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතවරියන් ද මේ අවස්ථාවට එක්වන අතර ගම්පහ නගරය ආවරණය වන පරිදි මෙම පා ගමන සිදු කෙරේ.
DMU/Gampaha