වත්මන් රජය පසුගිය වසර 04 තුළ අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළ බවත්, ඒ අනුව අධ්‍යාපනය නවීකරණය කිරීමට හැකිවීම ගැන තමන් සතුටු වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය
2019 මාර්තු මස 08 වන දින අරලියගහ මන්දිරයේ පැවති විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගිවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසී ය.
අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසී ය
මම අධ්‍යාපන ඇමතිධූරය භාරගන්නා කාලයේ පාසල්වල වැඩි වශයෙන් සිටියේ නුපුහුණු ගුරුවරුන්. එමනිසා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට පුහුණු ගුරුවරුන් බිහිකළ යුතුයැයි මම එදා තීරණය කළා. එම කටයුත්ත ඉටු කිරීමට වසර 30ක් පමණ ගතවී තිබෙනවා. වසර 15ක පමණ කෙටි කාලයකින් එම විශාල වැඩකටයුත්ත සිදුකිරීමට සිටියත් එයට හැකියාවක් ලැබුණේ නැහැ. ඊට හේතුව මම විශේෂයෙන් කිව යුතු නැහැ. මෙම පුහුණු ගුරුවරුන් බඳවා ගැනීමේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීමට තවත් වසර 04ක් පමණ ගතවෙනවා.
අද දිනයේ ගුරු ඩිප්ලෝමාධාරීන් 3000 කට පත්වීම් ලබාදෙනවා. ඔබ සියළු දෙනාම පත්වීම් ලබාගත් පසු පාසල්වලට යන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගැන්වීමට අවශ්‍ය දැනුමත් සමඟයි. ඉගැන්වීමේ දැනුම නොමැතිව නොවෙයි. මේ වන විට අධ්‍යාපන ඩිප්ලෝමාධාරින් 80,000 ක් පමණ පාසල් ක්ෂේත්‍රයේ ගුරු වෘත්තියේ යෙදී සිටිනවා. මේ වසර අවසන් වන විට එම සංඛ්‍යාව 90,000 දක්වා වැඩිකිරීම අපේ අරමුණයි.
මම අධ්‍යාපන අමාත්‍යධූරයට අකිල විරාජ් ඇමතිතුමා පත්කරන විට උපදෙස් දුන්නේ ඇමතිකම දිගටම තියාගන්නට ඕන නම් නුපුහුණු ගුරුවරුන් බඳවා ගැනීම නතර කරන්න කියායි. එදා නුපුහුණු ගුරුවරුන් 25,000 ක් සිටියත් අද ඒ ප්‍රමාණය අඩුවී තිබෙනවා. මේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරනවා නම් තවත් වසර 03 - 04ක් යන විට නුපුහුණු ගුරුවරුන් සියළු දෙනාම පුහුණු කළ හැකියි.
1920 – 1930 කාලවල සෑම තැනම පාසල් තිබුණේ නැහැ. පැවති පාසල් කිහිපයේ අධ්‍යාපනය ලබාදීම සඳහා බඳවාගෙන තිබුණේ පුහුණු ගුරුවරුන් පමණයි. ඊට අමතරව පල්ලියෙන් පාලනය වුණු පාසල්වලත් අධ්‍යාපනය ලබා දුන්නේ ඒ සඳහා පුහුණු වූ පූජකතුමන්ලා විසින්. ඒ අනුව අතීතයේ සෑම කෙනෙකුටම පුහුණු ගුරුවරයෙක් යටතේ අධ්‍යාපනය ලැබීමට හැකියාව තිබුණා.
නමුත් කාලයක් යනවිට රටේ මේ තත්වය වෙනස් වුණා. නමුත් නැවතත් නුපුහුණු ගුරුවරුන් බඳවා ගැනීම වැලැක්වීමට අපේ ආණ්ඩුව විසින් අධ්‍යාපන විද්‍යාපීඨ සහ ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කර තිබෙනවා. මේවා හරහා නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීමත්, උපාධිධාරින් ගුරු වෘත්තියට පුහුණු කිරීමත්, අධ්‍යාපන ඩිප්ලෝමා ලබාදීමත් සිදු කෙරෙනවා. රටේ අධ්‍යාපනය දියුණු කිරීමට පළමුවෙන් අවශ්‍ය වන්නේ පුහුණු ගුරුවරුන් බව කිව යුතුයි. පුහුණු ගුරුවරුන් නොමැතිව අධ්‍යාපනය දියුණු කළ නොහැකියි.
අගමැති ලෙස 2015 දී නැවත රට බාරගන්නා විට පුහුණු ගුරුවරුන් බඳවාගැනීමේ වැඩසටහන නැවතත් ආරම්භ කිරීමටත්, ඒ හරහා රටේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීමටත් මම තීරණය කළා. එදා බොහෝ දෙනෙක් ඒ පිළිබඳව ප්‍රශ්න කළා. ඊට හේතුව 2015 දී අප ලබාගත්තේ ණයවත් පියවීමට බැරි රටක් නිසයි. එමනිසා අවශ්‍ය මුදල් සොයා ගන්නේ කෙසේදැයි පක්ෂ විපක්ෂ බොහෝ දෙනා මගෙන් විමසුවා.
කෙසේ වුවත් අපේ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හරහා මේ වන විට ආර්ථිකය ස්ථාවර වී තිබෙනවා. විදේශයන්ට ඇති ණය සහ පොලිය ගෙවීමටත් අවශ්‍ය රටේ වියදම් සඳහාත් මුදල් කළමණාකරණය කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. මේ වැඩකටයුතු කරන අතරම අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස, මහා මාර්ග ආදි අංශයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් රටේ සංවර්ධනයට මුදල් ආයෝජනය කිරීමට අපි කටයුතු කළා. රටේ ආර්ථිකය ස්ථාවරභාවයකට ගෙන ඒමට වසර තුන හතරක් ගත වෙනවා. ඒ අනුව දැන් අපට ඉදිරියට යාමට හැකියාව ලැබී තිබෙනවා. තවත් ඉදිරියට යාමට නම් රටේ මිනිස් සම්පතේ සහයෝගය අවශ්‍ය වෙනවා. මිනිස් සම්පතේ සහයෝගය ලබා ගැනීමට නම් නවීන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය ඇතිවෙනවා. ලෝකයේ ඉහලම සම්පත ලෙස සැලකෙන්නේ මිනිස් සම්පතයි. අප දැන් ආරම්භ කර තිබෙන්නේ එම මිනිස් සම්පතට අවශ්‍ය නවීන දැනුම ලබාදීමේ වැඩපිළිවෙලයි.
එම වැඩපිළිවෙලේ මූලාරම්භය නම් ගුරුවරුන් ලබාදීමයි. ගුරුවරුන්ට පුහුණුව සහ ඩිප්ලෝමා ලබාදීම අප පළමුවෙන්ම සිදු කිරීමට තීරණය කළා. අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රමාණය රට තුල තවත් වැඩිකිරීමට පියවර ගන්නා ලෙස මම අධ්‍යාපන ඇමතිතුමාට පැවසුවා. ගුරු වෘත්තියේ යෙදී සිටින ගුරුවරුන්ට ඉංගි්‍රසි, චීන, ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමටත් අපි කටයුතු කරනවා. ඔබ අද දිනයේ මේ ඩිප්ලෝමාව ලබාගැනීම අධ්‍යාපනයේ අවසානය නොව අධ්‍යාපනය ලැබීමේ ආරම්භයක් බව සිහි තබාගත යුතුයි.
පළමු වශයෙන් අපි ප්‍රමුඛත්වය ලබා දුන්නේ අධ්‍යාපන සංවර්ධනය සඳහායි. ඒ වෙනුවෙන් ගුරු පුහුණුව ලබාදීමට අපි කටයුතු කළා. ඉන් පසුව විවිධ අංශ යටතේ විද්‍යාලවලට විදුහල්පතිවරුන් තෝරා ගත යුතුයි. එය දේශපාලනයෙන් කළ හැකි දෙයක් නොවෙයි. දේශපාලනිකව අපට උදව් කළ සියළු දෙනාට වෙනත් ආකාරයකින් සුදුසු සේ අපිට උදව් කළ හැකියි. නමුත් පාසලක අධ්‍යාපනය ලබාදීමට හැකියාව තිබෙන්නේ ඒ වෙනුවෙන් පුහුණු වූ අයට පමණයි. ඒවගේම ඇමතිතුමා විසින් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට වෙනත් රටවල්වලට ගොස් එම රටවල්වල අධ්‍යාපන ක්‍රමය පිළිබඳ හැදැරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව ජපානය, චීනය, යුරෝපා රටවල්වල අධ්‍යාපනය පවත්වාගෙන යන ආකාරය පිළිබදව අපට අවබෝධයක් ගත හැකියි.
පාසැලක් ක්‍රියාත්මක වන්නේ කෙසේද , ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද පිළිබඳව එහිදි අවබෝධයක් ලැබෙනවා. අධ්‍යාපනයේ ප්‍රධානම කාර්ය ලෙස අප දකින්නේ පුහුණු ගුරුවරුන් පාසල්වලට ලබාදීමයි. දෙවනුව අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සැලකිය හැකියි. එම වැඩසටහනේ පළමු අත්හදා බැලීම් මේ වන විට අත්හදා බලමින් සිටිනවා. මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 50% සාමාන්‍යපෙළ විභාගයෙන් පසුව අධ්‍යාපනය ලැබීමෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ ඇයි ? සියලූ දෙනාටම විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමේ දක්ෂතාවය නැහැ. නමුත් ඒ ඒ අයට විවිධ වෙනත් දක්ෂතා තිබෙනවා. ඇතැම් වෙලාවට සංගීතය , ක්‍රිකට් ආදී ක්ෂේත්‍රවල ප්‍රවීනයන් විශාල වැටුප් ලබනවා. එම නිසා රටේ සියලූ දෙනාගේම හැකියාවන් සහ දක්ෂතාවයන් ඉදිරියට ගෙන ආ යුතුයි.
වෘත්තීය දැනුම හා ශිල්පීය දැනුම දෙවන මට්ටමේ අධ්‍යාපනයක් ලෙස හැ¼දින්විය නොහැකියි. ස්කැන්ඩිනේවියාව, ෆින්ලන්තය වැනි රටවල තිබෙන උසස් ද්විතීයික අධ්‍යාපන මාලාව අප දැන් ශ්‍රී ලංකාවේ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පුහුණු ගුරුවරුන් අවශ්‍යයි. අප මෙය සාර්ථක කර ගන්නවා නම් එම ක්‍රමය සාර්ථක වූ දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. මේ සඳහා ෆීන්ලන්තය ඇතුළු අනෙක් රටවල ආධාර අපට ලැබෙනවා. සාමාන්‍ය පෙළ යනු සමත්වීම, අසමත්වීම තීරණය කරන විභාගයක් නොවෙයි. ඇතමුන් විශ්වවිද්‍යාල විෂයන් හදාරන විට අනෙක් පිරිසට තමන්ට අවශ්‍ය වෘත්තීය මට්ටමේ විෂයන් හැදැරීමට අවස්ථාව ලබාදිය යුතුයි.
තුන්වන කාරණය නම් පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි ලබාදීමයි. අධ්‍යාපන අමාත්‍යාතුමා විසින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කළේ එම නිසායි. එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සෑම තැනකම ආරම්භ කළා. මීට අවුරුදු දෙකකට පෙර අපේ රජයෙන් අධ්‍යාපනය වෙනුවෙන් කළේ කුමක්දැයි ඇතමුන් විමසුවා. අද සෑම පාසලකටම අවශ්‍ය තරම් ගොඩනැගිලි ලබාදී තිබෙනවා. ගොඩනැගිලි ලබාදිය යුත්තේ අවශ්‍යතාවය අනුව මිස ඉල්ලීම් මත නොවෙයි. මේ වන විට පාසල් ගොඩනැගිලි ලබාදීම ආරම්භ කර තිබෙනවා. මීට පෙර මෙවැනි ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ලබාදීම මම අධ්‍යාපන ඇමතිවරයාව සිටි කාලයේ කුලියාපිටියේ ලයනල් ජයතිලක මැතිතුමා ආරම්භ කළා. එම ගොඩනැගිලිවලින් 80% තනි තට්ටුවේ ගොඩනැගිලියි. නමුත් අද අපි ලබාදෙන ගොඩනැගිලි වලින් 80 % - 85 % පමණම තට්ටු දෙක හෝ තුනකින් යුක්ත වෙනවා.
පිහිණුම් තටාක, කී්‍රඩා පහසුකම්, සෞන්දර්ය පහසුකම් ආදි සෑම පහසුකමක්ම ලබාදී තිබෙනවා. මේ වන විට දිනකට පාසල් ගොඩනැගිලි 100ක් වත් විවෘත කිරීම සිදුකෙරෙනවා. එම ගොඩනැගිලිවලින් ප්‍රයෝජන ලබාගත යුතුයි. එසේ නොවුනහොත් ඉන් අවාසිය ලැබෙන්නේ ශිෂ්‍යයන්ටයි. අතීතයේ ගොඩනැගිලි දෙන විට ගුරුවරුන් දෙන්නේ නැහැ. ගුරුවරුන් දෙන විට ගොඩනැගිලි දෙන්නේ නැහැ. නමුත් අප දැන් ගුරුවරුන් ලබාදීමත් සිදු කරනවා.
සිව් වන කාරණය ශිෂ්‍ය ශිෂ්‍යාවන් රක්ෂණය කිරීමයි. ඒ වෙනුවන් සෙුරක්ෂා රක්‍ෂණ වැඩසටහන අප ආරම්භ කළා. පසුගිය වසරේ සහ මේ වසරේ එය ක්‍රියාත්මකයි. ඒ හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය සෞඛ්‍ය රක්ෂණය ලබාදීමට අපේ රජය කටයුතු කර තිබෙනවා.
පස් වන කාරණය නම් පාසල් අධ්‍යාපනය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමයි. මේ වන විට අත්හදා බැලීම් ලෙස සුහුරු පන්ති කාමර ක්‍රමය අපි ආරම්භ කර තිබෙනවා. එහි පළමු සුහුරු පන්ති කාමරය ආරම්භ කළේ කෝට්ටේ මහා විද්‍යාලයේයි. එම ක්‍රමය මේ වන විට සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් තිබෙනවා. ලංකාවේ පළමු සුහුරු විදුහල කුරුණෑගලදී ආරම්භ කිරීමට අපට හැකිවුණා. කොළඹ, මහනුවර, කුරුණෑගල තවත් එවැනි විද්‍යාල කීපයක්ම විවෘත කිරීමට කටයුතු කරනවා. අපේ අත්හදා බැලීම් ඉදිරියට ගෙන යන්නේ ඒ ආකාරයටයි.
මෙවැනි වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඒ සදහා විශාල ලෙස මුදල් වියදම් වෙනවා. ඔබ සියලූ දෙනා මෙම නව ක්‍රමයන් සඳහා පුහුණු විය යුතුයි. අතීතයේ තිබූ ගල්ලෑල්ල, කළු ලෑල්ල හෝ වයිට් බෝඩ් නොව ස්මාර්ට් තිරයේ අද ළමුන්ට ඉගැන්වීම සිදුකෙරනවා. ඒවගේම ටැබ් පරිගණක ලබාදීමටත් අපි කටයුතු කරනවා. එය ශිෂ්‍යයන්ට පමණක් නොවෙයි. ගුරුවරුන්ටත් ලබාදෙනවා. අනාගතයේදී සුහුරු පන්ති කාමර ක්‍රමය රට පුරා ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙනවා. අවසාන කරුණ නම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුල කී්‍රඩාව සෞන්දර්ය ආදී විෂයන් සඳහා ඇති දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමයි. මේ ආකාරයට ශිෂ්‍යයෙක්ගේ සම්පූර්ණ දියුණුවට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරනවා. රටේ අධ්‍යාපනය නවීකරණය කිරීම ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මම ආඩම්බර වෙනවා. පසුගිය වසර හතර තුල අධ්‍යාපනය වෙනුවෙන් අපේ රජය විශාල වැඩකොටසක් ඉටුකර තිබෙනවා. විශාල ලෙස මුදල් වෙන්කර තිබෙනවා.අධ්‍යාපනයට අවශ්‍ය රාමුව අප නිර්මාණය කර තිබෙනවා. එය වෙනත් කිසිවෙකුටත් ඉටු කිරීමට නොහැකි වුවක්.
පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම, වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, නව තාක්ෂණය යොදා ගැනීම , කලාව, ක්‍රිඩාව වැනි අංශයන්ට ශිෂ්‍යයන් යොමු කිරීම වැනි අති විශාල වැඩකොටසක් අපි සිදු කර තිබෙනවා.
අධ්‍යාපනය වෙනුවෙන් මීට පෙර කිසිවෙකුත් මෙවැනි සේවයක් සිදුකර නැහැ. අපේ තිබෙන්නේ සෝභනයට වැඩ කිරීම නොවෙයි. මම ඇමතිතුමාට උපදෙස් දුන්නේ ප්‍රතිඵල පෙන්විය හැකි වැඩසටහන් ආරම්භ කරන ලෙසයි. වසර 3 - 4 බැණුම් ඇසුවත් පස්වන වසරේදී ප්‍රතිඵල පෙන්වීමට අපට හැකියාව ලැබීම තිබෙනවා.
මේ පසුබිම යටතේ පන්ති කාමර බාරගනිමින් ඔබේ ප්‍රතිඵල පෙන්විය යුතුයි. වර්තමානයේ සිටිනවාට වඩා හොඳ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අනාගතයේදී නිර්මාණය කළ යුතුයි. ඔබට අද පත්වීම් ලබාදෙන්නේ එම වගකීම ඔබට ලබාදීමටයි. මේ වැඩකටයුතු වෙනුවෙන් කැපවුණු අධ්‍යපන ආමත්‍යාංශටත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාටත් ස්තුතිය පිරිනමනවා. 2015 දී අප ආරම්භ කළේ ඉතා අපහසු ගමනක් වුවත් රටේ පාසල් අධ්‍යාපනය දියුණු කිරීමටත් ශිෂ්‍ය පරම්පරාවට අපට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් අප පොරොන්දු වුණා. එම වැඩකටයුත්ත ඉටු කිරීමට අපට හැකිවී තිබෙන බව මම අවසාන වශයෙන් පවසනවා.
මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරින් සහ අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රධානාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිව සිටියහ.