එම්.එම්.ජී. රුවනි රණසිංහ නම් එම හෙදිය මහනුවර මහ රෝහලේ සේවය කළ ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙඳ නිලධාරිනියකි. කාර්යාංශය මගින් පළමු වරට මෙම රැකියා වැඩසටහන දියත් කරන ලද අතර, අවශ්‍ය සුදුසුකම් ලත් තවත් 25ක පිරිසක් ඇමරිකාවේ හෙඳ රැකියා සදහා පිටත්ව යාමට මේ වන විට පුහුණුව ලබමින් සිටිති.
ඇමරිකාවේ හෙඳ සේවය සදහා අවශ්‍ය සුදුසුකම් ලෙස හෙදියක් වශයෙන් වසර දෙකක පළපුරුද්දක් ලබා වර්ථමානය වන විට සේවය කරමින් සිටිය යුතුය. හෙඳ සේවය පිළිබද උපාධියක් හෝ වසර 4ක ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබිය යුතු අතර IELTS විභාගය ඇමරිකානු ප්‍රමිතීන්ට අනුව සමත්වී තිබිය යුතුය. එසේම අයදුම් කරන දිනය වන විට වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
ඇමරිකා එක්සත් ජනපදය තුළ හෙද රැකියා හිමිවන ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට මාසිකව ඇමරිකානු ඩොලර් 5000ක මූලික වැටුපක් හිමිවන අතර, තම පවුලේ ඥාතීන්ද එරටට ගෙන්වා ගැනීමේ හැකියාව හිමිවේ.
ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සුරක්ෂිත රැකියා පරිසරයක් ඇති කිරීම සදහා කාර්යාංශය ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මෙම රැකියා අවස්ථා හිමිව තිබේ. එසේම අඩු වැටුපක් හිමිවන රැකියාවන් වෙනුවට වැඩි වැටුප් සහිත රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාදීම සදහා කාර්යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර, එහි ප්‍රථිඵලයක් වශයෙන් මේ වන විට පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ ගතවීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබේ.
පුහුණුව ලත් ශ්‍රි ලාංකික වෘත්තිකයින් සදහා වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙම වැඩසටහන පෙන්වා දිය හැකිය. කාර්යාංශයේ පුහුණු, අලෙවිකරණ හා බදවාගැනීම් අංශය මගින් මෙම රැකියා වැඩසටහන මෙහෙයවනු ලබයි. මේ පිළිබදව උනන්දුව දක්වන ශ්‍රි ලංකාවේ ලියාපදිංචි හෙද නිළධාරීන්ට කාර්යාංශයේ පුහුණු, අලෙවිකරණ හා බදවාගැනීම් අංශය අමතා අවශ්‍ය විස්තර ලබාගන්නා මෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු, අලෙවිකරණ හා බදවාගැනීම්) ඉල්ලා සිටියි.
වැඩි විස්තර සදහා - 0112791814, 0112884771