ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බඳවාගැනීමේ දී කිසිදු දේශපාලන බලපෑමක් නෑ - රජයේ සේවක වැටුප වැඩි වුණා

    මාර්තු 11, 2019

    ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බඳවාගැනීමේ දී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොකළ බවත් ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැනගැනීම,විගණන පනත වැනි යහපාලන අංග ඇති කළ බවත් රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට කටයුතු කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.

    අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අඳහස් පළ කළේ ය.

    පසුගිය වසර තුන හතර මොනවත් කළේ නෑ කියනවා. විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කළා.රාජ්‍ය සේවක වැටුප වැඩි වෙලා තිබෙනවා.එදා ආණ්ඩුව තියෙනකොට හැදුවා ආර්ථිකය කෘත්‍රීමව.අප තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා. අයහපාලන අංග ඇති කළා. විගණන පනත ගෙනාවා. ස්වාධීන කොමිෂන් ගෙනාවා. දේශීය ආදායම් පනත ගෙනාවා.සෘජු බදු වැඩි කරන්නත් වක්‍ර බදු පාලනය කරන්න කටයුතු කර තිබෙනවා.

    ළඟම පාසල, සුරක්ෂා, 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබාදී තිබෙනවා. මොබයිල් ලැබ් 3000ක් දී තිබෙනවා. 5900ක් විදුහල්පතිවරු බඳවා ගැනෙනවා. දේශපාලනය බිංදුවක් දැම්මේ නෑ. ඖෂධ වර්ග 48ක මිල අඩු කළා.මොනවත් නොවුණ ලෙස කතා කරන්න එපා. රැකියා බිහි වුණා.

    බිංගිරියේ රැකියා 15,000ක් බිහි වෙනවා. නිල ඇදුම් පරණ ක්‍රමයට ගියා නම් හොරකම දූෂණය තිබුණා.ඒ වෙනුවට වව්චරය ගෙනාවා.සුරක්ෂා රක්ෂණය සෑම  දරුවෙකුටම දෙනවා.මම පෞද්ගලික සමාගමකට දුන්නේ නෑ. පණිවිඩය දාපු නිසා වියදම වැඩි වුණා කියනවා අච්චු පොත්වල. වැඩක් කළොත් , හොරකම් නොකළ නිසා තමයි ගහන්නේ.චෝදනා කරලා ප්‍රශ්න විසඳන්න බෑ. වැරදි ගණන් හැදුවම ඔහොම තමයි.113 හැදුව හැටි දැක්කා. ඊළඟ අවුරුදු පහත් අය වැය ඉදිරිපත් කරන්නෙත් අපි යැයි අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya