මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 නියෝජනය කරමින් එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ජයග්‍රාහකයින් තිදෙනා බැගින් ජයග්‍රාහකයින් 48 දෙනෙකු සඳහා ත්‍යාග හා සහතිකපත්‍ර පිරිනැමීම සිදු කෙරිණි. ත්‍යාග සහ සහතිකපත් සඳහා මාතර ප්‍රාග්ධන සමුපකාර බැංකුව සහ සර්වෝදය ආයතනය අනුග්‍රහය දක්වන ලදි. මේ අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය හා ගෘහස්ථ ඵලදායිතා තරඟයේ ජයග්‍රාහකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. මාතර දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධීකරණ නිලධාරී ඒ.බී.වයි.අබේවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ප්‍රාදේශිය විදේශ රැකියා සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ද සහාය ඇතිව වැඩසටහන සංවිධානය කරන ලදි.
DMU/Matara