ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    සමස්ත මූල්‍ය කළමනාකරණයකට දැඩි අවධානයක් යොමු කළ යුතුයි- උසස් අධ්‍යාපනය දෙස පුළුල් ලෙස බලා තිබෙනවා

    මාර්තු 12, 2019

    ණය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් අවශ්‍යයි.සමස්ත මූල්‍ය කළමනාකරණයකට දැඩි අවධානයක් යොමු කළ යුතුයි.ආදයම් උපයන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි යැයිනාගරික සංවර්ධන,ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    විපක්ෂනායකවරයාට සුළු වශයෙන් විවේචනය කරන්න සිදු වුණේ.26 කුමන්ත්‍රණයෙන් රට අවධානමකට ලක් වුණා.අපට අයවැයක් ඉදිරිපත් කරන්න හැකියාවක් තිබුණා,සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන්.උසස් අධ්‍යාපන අවස්ථා ලබාදෙන්න, කටයුතු කළා. සියයට 25%ක්ම සෞඛ්‍ය හා අධ්‍යාපනයට අවධානය යොමු කර තිබෙනවා. බාහිර ණය කන්දරාවක් තිබෙනවා. මූල්‍ය තහවුරු භාවය, සාර්ව ආර්ථික තත්ත්වය ස්ථාවරව පවත්වගෙන යාමට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි.

    ජාතික ජලසම්පාදන මණ්ඩලය පසුගිය වසර හයට ගාස්තු ඉහළ දමා නෑ. ණය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් අවශ්‍යයි. විශේෂයෙන් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන්.සමස්ත මූල්‍ය කලමනාකරණයකට දැඩි අවධානයක් යොමු කළ යුතුයි.ආදයම් උපයන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි.එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය වැඩසටහන් ව්‍යවසාකත්වය දියුණු කරවි. ඉලක්ක ගත කොටස්වලට සහන ලබාදෙයි කියා සිතනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya