අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ අවසන් දිනය අද වන අතර විපක්ෂ නායකවරයා, විසින් සිය පාලන කාලයේ ඇති කළ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් සභාවේ අවධානයට යොමු කළේ ය. එහිදී අඳහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ පැවසීය.
අප පාලනය කළ දින කීපය තුළ ජනතාවගේ වාසියට සහන කීපයක් ලබාදෙන්න හැකි වුණා.තෙල් මිල දෙවරක් අඩු කළ නිසා, තෙල් මිලෙන් බැට කෑ ජනතාවට සහනයක් ලැබුණා.ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වුණා දින 19 තුළ.රට ගොඩනගීමට තිබූ අවස්ථාවක් අහිමි වුණා. යුද්ධයක් සමඟ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගන්න හැකි වුණා.අප ජනතාව ඉදිරියේ ඇඬුවේ නෑ. අප ප්‍රශ්න විසඳුවා. රටම එකම වැඩබිමක් කළා.
ණය බරතාවය ඉතාම භායානක තත්වයට පත් වෙලා. අපට ණය කළමනාකරණය කර ගනීමට හැකි වුණා.අපනයන වර්ධනය වූ බව කීම පදනම් රහිතයි. විදෙස් සංචිත අඩුවෙලා.ඉදිරියේ දී මේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරනවා.අයවැයෙන් දැවැන්ත ප්‍රශ්න විසඳනවා වෙනුවට සිහින මාළිගාවල වැසිකිළි හදනවා. මුළු රටටම විදුලිය ලබාදුන්නා. ජනතාවට සම්පත් ලැබුණා.