නියෝජ්‍ය අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.
සුබසාධනය කැටි කළ අයවැයක්. සැම සමාජ මට්ටමක් ම ආකර්ෂණය කළ අයවැයක්. වසර තුන තුළ කළ වෙනස තුළ හිතෙනවා මේ රජය සමාජවාදී ද කියලා. ඖෂධ ගණනාවක මිල අඩු වෙලා තිබෙනව.සුවසැරිය එනකොට කිව්ව රෝ ඔත්තු කරුවො එනවා කිව්ව.ගම්පෙරලිය වැඩසටහනින් කෝටි 8000ක් වෙන් කළා.
අධිවේගී මාර්ග දෙකක් හදන සල්ලි දාලා තියෙනවා ගමේ සංවර්ධනයට. දැවැන්ත වෙනස ජනතාව බුක්ති විදිනවා. බිංගිරිය අපනයන කලාපය රැකියා 75000 දක්වා වර්ධනය වන අපනයන කලාපයක්. අපේ රටේ අවුරුදු 15ක දී අපනයන සැකසුම් කලාපයක් බිහි වුණේ නෑ.රටක් ලෙස ඉදිරියට යන්න් අනම් අපනයනය වර්ධනය විය යුතුයි.අපනයනයකින් තොරව රට ඉදිරියට යා නොහැකියි. කළුතර මිල්ලනිය අපනයන කලාපය ආරම්භ කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.