ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ව්‍යුහය ඩිජිටල්කරණය කළ හොත් ජනතාව සතුටුවන සේවයක් ලබාදිය හැකියි

    මාර්තු 12, 2019

    රාජ්‍ය ව්‍යුහය ඩිජිටල්කරණය කළ හොත් ජනතාව සතුටුවන සේවයක් ලබාදිය හැකි යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    විදෙස් ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වෙන කිසිදු රජයක් අවධානය යොමු කර තිබුණේ නෑ. සිහින මාළිඟා යටතේ රුපියල් ලක්ෂ 100ක් දක්වා නිවාසයක් තනා ගැනීමට අවස්ථාව විදෙස් ශ්‍රමිකයන්ට ලැබෙනවා.

    හෝම් ස්විට් හෝම් ණය යෝජනා ක්‍රමය යටතේ සහන ණය මුදලක් ලබාගැනීමට අලුත විවාහ වූ යුවලකට ලැබෙනවා. මේ වසර අවසන් වනවිට කොළඹ කුණු වෙනුවට පරිසර හිතකාමී අරුවක්කාරු කසල රඳවනයෙන් සිදු කර තිබෙනවා. කසල ප්‍රශ්නයට ස්ථීර සාර විසඳුමක් ලබා දී තිබෙනවා.

    මේ වසර අවසන් වනවිට කසල බැහැර කිරීම පිළිබඳ ලෝකය පිළිගත් දියුණු වැඩපිළිවෙලක් අවසන් කරන්න හැකි වෙනවා.අපේ රජය කාලයේ පමණක් මෙග වොට් 200කට වැඩි ප්‍රමානයක් සූර්ය බලාගාර හරහා පද්ධතියට ලබාදෙනවා.පුනර්ජනනීය බලශක්තිය තහවුරු කිරීමට නිශ්චිත වැඩසටහනක් අරඹා තිබෙනවා.

    මේ රටේ පවතින ආර්ථිකය නවීකරණය ඩිජිටල්කරණයට ලක් කර ආදයම් උපාය මාර්ග හඳුනාගැනීමට විශේෂඥ මැකන්සි වාර්තාවක් ලබාගත්තා.අපේ රටේ පවතින කර්මාන්ත ඩිජිටල් කරණය හරහා නව මුහුණුවරක් ලබාදෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිෂ්පාදනවලට අලුත් මුහුණුවරක් ලබාදෙන්න පුළුවන්.

    රාජ්‍ය ව්‍යුහය ඩිජිටල්කරණය කළ හොත් ජනතාව සතුටුවන සේවයක් ලබාදිය හැකියි. මුදල් ඉතිරි කරගැනීමට පුළුවන්. එය ජනතා සේවයට යොදා ගන්න පුළුවන්.ඩිජිටල්කරණයට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීමට හා ඒ සඳහා ආයෝජන ලබාගැනීමට හැකි වෙනවා. අයවැය මඟින් ඒ සඳහා ලබාදීම ගැන අගය කරනව යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya