මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ඇමරිකානු ඩොලර් මිලියන දහයක (10) ව්‍යාපෘතියකි.
අංග සම්පූර්ණ සහිතව ඉඉකරනු ලබන මෙම කර්මාන්ත ශාලාවේ උසස් ප්‍රමිතියෙන් යුතුව නිපදවනු ලබන වෛද්‍ය නිෂ්පාදන 90 %ක් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබන අතර දේශීය බෙදාහැරීමේ කටයුතු මෙරට විශිෂ්ට නාමයක් සහිත ටෙක්නොමඩික්ස් ඉන්ටර්නැෂනල් ප්රයිවට් ලිමිටඩ් ආයතනය විසින් සිදුකරනු ලබයි. මෙමගින් දේශීය වශයෙන් ඍජු රැකියා අවස්ථා 600ක් පමණ උත්ප්පාදනය වන අතර මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය යුරෝපීය උසස් ප්‍රමිතීන් මත පිහිට සිදුකරනු ලබයි.
2019 වසර වනවිට 30 වන වසර සලකුණු කරනු ලබන Flexicare සමූහය ජාත්‍යන්තර වශයෙන් ප්‍රධානතම වෛද්‍ය උපකරණ නිෂ්පාදන ආයතනයක් බවට පත්ව ඇති අතර එක්සත් රාජධානිය තුල ප්‍රධානතම වෛද්‍ය නිෂ්පාදන සිදුකරන ආයතනයක්ද වනු ඇත. මෙම සමූහය ජාත්‍යන්තරව අනුබද්ධිත සමාගම් 12කින් යුක්තව ලොව පුරා රටවල් 110ක් සඳහා සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි. ඒ තුලින් මෙම සමගම වෛද්‍ය උපකරණ සැපයීම පිළිබඳව ලෝක මට්ටමේ කීර්ති නාමයක් ගොඩනගාගෙන ඇත.
1989 දී ආරම්භ වූ මෙම සමූහය ඒ විශ්වාසය සහිතවම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතුද ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වියාපෘතිය ජාතික ආර්ථිකයේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇති අතර, සෞඛ්ය ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා "දැක්ම 2025" සම්බන්ධ රජයේ දිගුකාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරි වනු ඇත.