දඹදෙණිය රාජධානි සමයේ සිට පැවත එන පෞරාණික විහාරස්ථානයක් වන මෙම විහාරස්ථානය දෙතිස්පල බෝධින් වහන්සේලා තුන් නමක් වැඩ සිටින වන්දනීය පුදබිමක් ලෙස ප්‍රචලිතය.
විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළේය. අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළ නිර්මාණශිල්පීන් ද ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් විය. විහාරස්ථ දායක සභාව වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.
රාමඤ්ඥ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ මුලසුන හෙබවූ මෙම පුණ්‍යෝත්සවයට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, විහාරාධිපති පූජ්‍ය කොළඹිස්සේ තිලකසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩම කර සිටි අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. බී. දිසානායක, දිලූම් අමුණුගම යන මහත්වරුන් ද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට පූර්ණ ධන පරිත්‍යාගය සිදු කළ මනුලත් නන්දන මහතා ඇතුථ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.