මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙනි. වැවිලි බෝග ක්ෂේත්‍රයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතුවල සාර්ථකත්වය හා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා එම අරමුදල් උපසභාපති ඩොනල්ඩ් බ්‍රවුන්, එහි ආසියානු කලාපීය අධ්‍යක්ෂ නීගල් බ්‍රෙට් සහ අරමුදල් ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ආචාර්ය ටාරෙක් කොටබ් යන මහත්වරු සමඟ ඊයේ (13) සාකච්ඡාවක් පැවැත්වීය.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනක අමරසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී විය.