දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීම පිළිබඳව මෙහිදී අඳහස් හුවමාරු විය. අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.'
මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය පුහුණුවීම් නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම වැනි කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය. ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.