ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ඉඩම් ඔප්පුවක් පැය විසි හතරක් තුළ නිකුත් කිරීමට කටයුතු කිරීමේ යුගයේ අවශ්‍යතාවයක්

    මාර්තු 17, 2019

    නූතන තාක්ෂණය හමුවේ සෑම කටයුත්තක්ම වේගවත්වී ඇති යුගයක එම තාක්ෂණය යොදා ගනිමින් ඉඩම් ඔප්පුවක් පැය විසි හතරක් තුළ නිකුත් කිරීමට කටයුතු කිරීමේ යුගයේ අවශ්‍යතාවයක් බව මහනුවර දිසාපති සහ අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් තිස්ස කරුණාරත්න මහතා පවසයි.

    මේ තුළින් වැඩිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ විදෙස් රටවලින් මෙරටට පැමිණෙන ආයෝජකයන්ට බව පෙන්වා දුන් දිසාපතිවරයා එය ලංකාව ජාත්‍යන්තර ව්‍යාපාරික දර්ශකය ලබා ගැනීමට යන ගමනට පහසුවක් වන බවද පැවසීය. දිසාපතිවරයා මෙම අදහස් පළ කළේ අද (16) පැවති ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක් දින සේවාව හදුන්වා දීමේ වැඩසටහනට සම්බන්ධ වෙමිනි.

    ලංකාවේ පුරවැසියන්ටද මෙම සේවය ඉතා වැදගත් බව පෙන්වා දුන් දිසාපතිවරයා මෙවැනි සේවාවන් තුළින් ජනතාව රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය ඉහළ නංවා ගන්නා බවත්, ඒ තුළින් රජයේ ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකි වන බවත් පෙන්වා දෙන ලදී. 1967 වසරේ ආරම්භ කළ රාජ්‍ය ආයතනයක් වන ඉඩම් රෙජිට්‍රාර් ආයතනය ඉදිරියේදී තව දුරටත් මහජන සේවයක් සදහා කැපවන ආයතනයක් බවට පත්වීමට මෙවැනි නව ව්‍යාපෘති අවශ්‍ය බවද පැවසූ දිසාපතිවරයා නූතන තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත උප්පැන්න සහතිකයක් ලබා දීම සදහා වත්මන් රජය ගෙන යන වැඩසටහන තුළින්ද මෙරට ජනයාට විශාල පහසුවක් වනු ඇති බවද පෙන්වා දෙන ලදී.


    මෙම අවස්ථාව සදහා මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ඒ.ආබ්දීන් මහතා ඇතුළු පිරිසක්ද සහභාගී විය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එක් දින සේවාව යටතේ මුල්ම ඉඩම් ඔප්පුව ලබා ගැනිමට පැමිණි පුද්ගලයෙකුට එම ඔප්පුව ඒ මොහොතේදීම ලබා දුන් අවස්ථාවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya