තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් බත්තරමුල්ල, රෝයල් ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය අදාළ ආයතනය වැටලීම සිදුකර ඇති අතර, ඒ අනුව එම ආයතනයේ නීති විරෝධිව මුදල් රැස් කරමින් හා ජපන් රැකියා සදහා බදවාගැනීම් සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසයි.
මෙම තැනැත්තන් පොළොන්නරුව හා තලංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී ගුවන් ගමන් බලපත්‍ර 13, ජපන් රැකියා සදහා යොමුකළ අයදුම්පත්, ගමන් බලපත්‍ර ඡායා පිටපත්, වර්ණ ඡායාරූප, මුදල් ලබාගත් බවට ලබාදෙන රිසිට්පත්, රැකියා ඇබෑර්තු ඇති බව සදහන් දැන්වීම් ඇතුළු තවත් ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇති අතර, ගුවන් ටිකට්පත් විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මොවුන් විසින් ජපානයේ රැකියා අවස්ථාවක් ලබාදීම සදහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 බැගින් මුදල් ලබාගෙන ඇති අතර, එම ආකාරයෙන් මුදල් ලබාදුන් පුද්ගලයින් කිහිප දෙනෙකුද විමර්ශන නිළධාරීන් හමුවේ පෙනී සිට ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම රැකියා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් පිළිබදව තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහාද විමර්ශන නිළධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටිති.
මෙම වැටලීම සිදුකිරීම සදහා නීතිඥ කීර්ති මුතුකුමාරණ මහතාගේ (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - නීති) අනුමැතිය පරිදි කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල පෙරේරා, පොලිස් පරික්ෂක අනුර සෝමසිරි, පොලිස් පරික්ෂක කුමාරසිංහ, උප පොලිස් පරික්ෂක ලියනගේ හා කාර්යාංශ නිළධාරීන්ද එක්වූහ.