ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම අගමැති සුරතින්

    මාර්තු 17, 2019

    යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ රන් මාවත් සංකල්පය යටතේ ජනතා අයිතියට පත්කි රීමේ ජාතික උත්සවය මාර්තු 17 වන දින සිදුකෙරේ.

    මෙහි සමාරම්භය මාවනැල්ල හෙම්මාතගම ගම්පොල මාර්ගය, මාවනැල්ල - අරණායක මාර්ගය, මාවනැල්ල - රඹුක්කන යන මාර්ග සහ ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක යාකරමින් ඉදි කළ කොච්චිකඬේ නව පාලම ජනතා අයිතියට පත් කරමින් සිදු කෙරෙනු ඇත.

    අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ මාවනැල්ල නගරයේදී සහ කොච්චිකඬේ පාලම අසළදී සමාරම්භක උත්සවයන් පැවැත්වේ. මීට සමගාමීව දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිිදි ‘‘රන් මාවත්’’ මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පැවරෙන අතර ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් කෝටි 3000කට අධිකය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya