ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල - දඹුල්ල හරහා හබරණ දක්වා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් සකස් කර අවසන්- ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

    මාර්තු 18, 2019

    කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා ඉදි කිරීමට යෝජිත දුම්රිය මාර්ගය කඩිනම් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    ඒමඟින් මහජනතාව වෙත කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් සැළසිය හැකි බවත්, මාර්ග තදබදයට විසඳුමක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.

     අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඉදි කිරීමට යෝජිත දුම්රිය මාර්ගය පිළිබද අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් දැනුවත් කිරීම සදහා අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අවස්ථාවේදීය.

    ඇමරිකානු ඩොලර් මිලියන 947 ක් වැය කොට ඉදි කිරීමට යෝජිත මෙම දුම්රිය මාර්ගය කිලෝ මිටර් 84 කින් යුක්තය. වසර හතරකින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කොට ඇති අතර, උමං මාර්ග තුනකින් සහ දුම්රිය පාලම් අටකින් මෙම දුම්රිය ගමන් මාර්ගය සමන්විතය. කුරණෑගල සිට හබරණ දක්වා දුම්රිය නැවතුම් ස්ථාන 11 ක් ද මෙම ගමන් මාර්ගය තුළ ඉදි කිරීමට යෝජිතය.

    මෙහිදී කරුණු දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙම දුම්රිය මාර්ගය ඉදි කිරීමේදී අස්ගිරි පාර්ශවයට අයත් ඉඩකඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් මහනායක හිමිපාණන් දැනුවත් කිරීමේ අරමුණින් පැමිණි බවත් උන් වහන්සේලාගේ ආශිර්වාදය මත මෙම ව්‍යාපෘතිය දියත් කරන බවත් පැවසීය.
    දැනට ධාවනය කෙරෙන මගී ප්‍රවාහන සේවා ගැනද අදහස් දැක්වූ අමාත්‍යවරයා ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර මගී ප්‍රවාහන බස්රථ ලංකාවට ගෙන ඒම තහනම් කිරීමට කටයුතු යොදන බව පැවසීය. දැනට ලංකාවට ගෙන්වන බස්රථ බොහොමයක් භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ වල චැසි වලට සම්බන්ධ කොට ඇති බවත්, එම බස් රථවල කිසිදු ප්‍රමිතියක් නොමැති බවත් පෙන්වා දෙන ලදී. ඒ අනුව පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වන බස්රථ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවත් අමාත්‍යවරයා පැවසීය.


    මෙම අවස්ථාව සදහා රාජ්‍ය ආමාත්‍ය අශෝක අබේසිංහ මහතාද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya